Friday, 07 February 2025

මාලිගාවත්ත වකුගඩු රෝහලෙන් ප්‍රතිකාර ලබන රෝගීන්ට කොවිඩ් මර්දන එන්නත්

Posted On Saturday, 14 August 2021 16:58

මාලිගාවත්ත වකුගඩු රෝහලෙන් ප්‍රතිකාර ලබන රෝගීන්ට කොවිඩ් මර්දන එන්නත්


මාලිගාවත්ත වකුගඩු රෝහලෙන් ප්‍රතිකාර ලබන, කොවිඩ් -19 එන්නත් මාත්‍රා දෙකම ලබානොගත් රෝගීන් එන්නත් කිරීම.

කොවිඩ් - 19 සදහා වන එන්නත් මාත්‍රා දෙකම ක්ෂේත්‍රයෙන් හෝ රෝහලෙන් මෙතෙක් ලබාගෙන නොමැති මාලිගාවත්ත වකුගඩු රෝහලෙන් ප්‍රතිකාර ලබන රුධිර කාන්දු පෙරණයට ලක්වන රෝගීන් සහ වකුගඩු බද්ධ කළ රෝගින් හට පළමු මාත්‍රාව මාලිගාවත්ත වකුගඩු රෝහලට පැමිණ ලබාගත හැකි බව වෘක්තවේද, කාන්දු පෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානය දන්වා සිටියි.

ඒ අනුව 14 දින සහ 21 යන දෙදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 දක්වා කාලය ඇතුළත අදාළ රෝගීන්ට පමණක් මාලිගාවත්ත වකුගඩු රෝහලට පැමිණ කොවිඩ්-19 එන්නත්කරණයේ පළමු මාත්‍රාව ලබාගත හැක.