කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්‍ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද ජාතික එන්නත්කරණ වැඩසටහනට නව ප්‍රවිෂ්ඨයක් එක්කරමින් ආරම්භ කරන ලද ජංගම එන්නත්කරණ වැඩසටහන මේ දිනවල ක්‍රියාත්මක කරනු ලැබේ.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මගපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ අනෙකුත් යුද්ධ හමුදා භටපිරිස් විසින් මේ සදහා දායකත්වය ලබා දෙති.
යාපනය දිස්ත්‍රික්කය තුල පදිංචි වයෝවෘධ පුරවැසියන් හා විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා පසුගිය දා මෙම ජංගම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කළ අතර මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් එන්නත්කරණය සිදු කෙරේ.