Tuesday, 22 October 2024

විදේශ රැකියාවට පුහුණුවිම සඳහා තරුණයින් රැගෙන ආ හොර ඒජන්සිකරු අත්අඩංගුවට

Posted On Wednesday, 06 April 2022 06:24

විදේශ රැකියාවට පුහුණුවිම සඳහා තරුණයින් රැගෙන ආ හොර ඒජන්සිකරු අත්අඩංගුවට

 

බලපත්‍රයක් රහිතව ව්‍යාජ විදේශ රැකියා ඒජන්සි ආයතනයක් පවත්වාගෙන යමින් පෙර විගමණික පුහුණුව සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානයේ ලියාපදිංචි කිරීමට තරුණයින් පිරිසක් කැඳවාගෙන ආ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

චක්‍රා ශිපින් ප්‍රයිවට් ලිමිටඩ් නැමැති ආයතනයක් රුමේනියා රජයේ කම්කරු රැකියා ලබාදෙන බව පවසමින් යාපනය ප්‍රදේශයේ තරුණයින් 7 දෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානයට කැඳවාගෙන පැමිණ ඇති අතර එම ආයතනයට විදේශ රැකියා ඒජන්සි ආයතනයක් පවත්වාගෙන යාම සඳහා බලපත්‍රයක් නිකුත් කර නොමැති බව අනාවරණය වූ පසු පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානයේ නිළධාරීන් විශේෂ විමර්ශන අංශයට දැනුම්දීමෙන් අනතුරුව විමර්ශන නිළධාරීන් විසින් එම ආයතනයෙන් පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට පත් සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහරින ලදී.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතාගේ උපදෙස් පරිදි, නීති අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නෙළුම් සමරසේකර මහත්මියගේ මෙහෙයවීමෙන්, විමර්ශන නිළධාරීන් වන රවීන්ද්‍ර අබේපාල, නාලක මාමල්ගහ සහ ඉන්ද්‍රානි මොහොට්ටාල යන මහත්ම මහත්මීන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදී.