Sunday, 23 February 2025

ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පී K.K මිය යයි.

Posted On Wednesday, 01 June 2022 05:41

ඉන්දියාවේ ජනප්‍රිය ගායක කේ කේ නොහොත් ක්‍රිෂ්නකුමාර් කුන්නන් අභාවප්‍රාප්ත වී තිබේ . ඊයේ (31) කොල්කටා හි පවතී සංගීත ප්‍රසංගයකට සහභාගී වී පැය කීපයකට පසු ඔහු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ ය. අදාළ ප්‍රසංගය අවසන් කර ඔහු නවාතැන් ගෙන සිටි හෝටල් කාමරය වෙත ගොස් ඇති අතර පසුව එම කාමරයේ ඔහු ඇදවැටී මියගොස් ඇතිබව වාර්තා වෙයි.

මිය යනවිට 53 වන වියේ පසු වූ කේ කේ 1990 දශකයේ අග භාගයේ යෞවනයන් අතර "පල්" සහ "යාරෝන්" යන ගීත හේතුවෙන් වඩාත් ජනප්‍රියත්වයට පත් විය.

බොලිවුඩ් චිත්‍රපට රැසක ජනප්‍රිය ගීත රැසක් ඔහු ගායනා කර ඇත.