2023 වර්ෂය සඳහා පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින දීර්ඝ කිරීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
රටෙහි පවතින ගැටලුකාරී තත්ත්වය මත 2023 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කල යුතු අවසාන දිනය දීර්ඝ කර දෙන මෙන් දෙමාපියන්ගෙන් ඉල්ලීම් ලැබෙමින් පවතී.
ඒ අනුව, උක්ත අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය 2022.08.01 දින දක්වා දීර්ඝ කරේ.
අධ්‍යාපන අමාත්‍යාංශය