2022 වර්ෂයේ අ.පො.ස.(උ.පෙළ) විභාගයට පෙනී සිටිමට නියමිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විෂය සාධන මට්ටම ඉහළ නංවාලීම අරමුණු කර ගනිමින් සිසුන් සඳහා උපකාරක සම්මන්ත්‍රණ මාලාවක් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදෙස් පරිදි පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සිදු කර ඇත.
විද්‍යා, වාණිජ, තාක්ෂණ, කලා යන විෂය ධාරා සියල්ල ආවරණය වන පරිදි දිවයිනේ රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි කථිකාචාර්යවරුන්ගේ සම්පත් දායකත්වයෙන් දිවයින පුරා මෙම සම්මන්ත්‍රණ මාලාව පැවැත්වේ.
මීට සමගාමිව විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සම්බන්ධ කර ගනිමින් අ.පො.ස. (උ.පෙළ) ගුරුවරුන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහනක් ද පැවැත්වේ
මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කිරිම තුළින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වාසයෙන් යුතුව අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය මඟ පෙන්විම හා ධෛර්ය ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා අපේක්ෂා කරයි.