Wednesday, 19 February 2025

වැසි තත්ත්වයේ වර්ධනයක් අද සිට

Posted On Saturday, 17 December 2022 11:40

වැසි තත්ත්වයේ වර්ධනයක් අද සිට

 

දිවයිනේ උතුරු , උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අද දින සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නැගෙනහිර සහ ඌව පළාත්වල , පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.