Tuesday, 22 April 2025

විදුලි ගාස්තු සං‌ශෝධනයේ අවසන් නිර්දේශ අද

Posted On Wednesday, 28 February 2024 07:06

විදුලි ගාස්තු සං‌ශෝධනයේ අවසන් නිර්දේශ අද

 

විදුලි ගාස්තු සංශෝධනය පිලිබඳ මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ අද (28) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙයි.

නව ගාස්තු සංශෝධනයට අනුව සියයට 18 කින් පමණ විදුලි ගාස්තු අඩු වීමක් සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

එමෙන්ම විදුලි බල මණ්ඩලය යොමු කළ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ රැස්වීමක් අද පැවැත්වීමටද නියමිතයි.