Saturday, 19 October 2024

ජාතික පරිසර සතිය අදින් ඇරඹේ

Posted On Thursday, 30 May 2024 07:04

ජාතික පරිසර සතිය අදින් ඇරඹේ

 

ජාතික පරිසර සතිය අදින් ආරම්භ වෙයි. ජගත් පරිසර දිනයට සමගාමීව අද(මැයි 30) සිට ජුනි 05 දක්වා ජාතික පරිසර සතියක් ප්‍රකාශ කර තිබේ. අද දිනය තිරසර ඉඩම් කළමනාකරණ දිනය ලෙස නම් කර තිබේ.

අද දින ප්‍රධාන වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්දු කර ගනිමින් පැවැත් වේ. රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් හායනයට පත් භූමි ප්‍රතිනිර්මාණය කිරීම හා පතල් ප්‍රතිසංස්කරණයට පියවර ගැනේ. ඒ අනුව දිවයින පුරා පළාත් පාලන ආයතන වල මූලිකත්වයෙන් එම පළාත් පාලන බල ප්‍රදේශ තුළ කැණීම් කටයුතු, පස් කැපීම, වැලි ගොඩ දැමීම හා විනාශය හේතුවෙන් හායනයට ලක්ව ඇති භූමි වේ නම්, හැකි පමණින් එම භූමි ප්‍රතිනිර්මාණය සඳහා සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

ජාතික පරිසර සතිය තුළදී රාජ්‍ය ආයතන, පාසල්, පෞද්ගලික අංශය, වැවලි සමාගම් හා වතු ක්ෂේත්‍රය , සිවිල් සංවිධාන හා ප්‍රජාව සමබන්ධ කරගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

පරිසර දින ජාතික උත්සවය එළඹෙන ජුනි මස 5 වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් , කලවාන , කුඩව සිංහරාජ පිවිසුම අසලදෑ පැවැත් වීමට නියමිතය.