Saturday, 19 October 2024

පොසොන් උත්සවයට අද සිට විශේෂ දුම්රිය සේවාවක්

Posted On Thursday, 20 June 2024 09:29

පොසොන් උත්සවයට අද සිට විශේෂ දුම්රිය සේවාවක්

 

අනුරාධපුර වන්දනාවේ යන බැතිමතුන් වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් එක් කිරීමට කටයුතු කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ගමනාගමන) ජේ.එන් ඉඳිපොලගේ මහතා පැවසිය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) රජයේ ප්‍රවෘත්ති දෙපර්තමෙන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

ඒ අනුව, අද (20) පස්වරු 4.45 ට කොළඹ කොටුවෙන් කුරුණෑගල බලා ධාවනය වන දුම්රිය හා සවස 5.20 ට කොළඹ කොටුවෙන් ගනේවත්ත බලා ධාවනය වන දුම්රිය මහව මංසන්ධිය දක්වා දීර්ඝ කිරීමටත්, රාත්‍රී 8.00 ට හික්කඩුව දුම්රිය ස්ථානයෙන් පොළොන්නරුව දක්වා ධාවනය වන විශේෂිත දුම්රිය ධාවනය කිරීමටත් කටයුතු ක‍රන බව හෙතෙම පැවසිය.

එමෙන්ම, හෙට (21) දින බෙලිඅත්ත දිට මහව දක්වා ධාවනය කිරීමටත් කටයුතු කර තිබෙන අතර මෙම විශේෂිත දුම්රියයන් 21,22,23 යන දිනවල දී ධාවනය කිරීමට කටයුතු කෙරේ.

අනුරාධපුර සිට මිහින්තලය දක්වා ධාවනය වන විශේෂිත දුම්රිය ගාස්තු අය කිරීමකින් තොරව මඟීන්ට ප්‍රවාහන පහසුකම් සැලසීමේ වෙනුවෙන් යොදවා ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසිය.