Saturday, 19 October 2024

පාන් මිල අඩු නොකරන බේකරි හිමියන් පිළිබඳ තීරණයක්

Posted On Wednesday, 31 July 2024 10:33

පාන් මිල අඩු නොකරන බේකරි හිමියන් පිළිබඳ තීරණයක්

 

පාන් මිල අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ට සතියක කාලයක් ලබා දීමට කටයුතු කරන බවත්, ඉන්පසුවත් මිල අඩු නොකරන්නේ නම් නීතිමය කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවත් වෙළඳ, වාණිජ සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඊයේ (30) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය.

පසුගිය දා බේකරි නිෂ්පාදකයින් සමඟ පැවති සාකච්ඡාවේ දී පාන් මිල අඩු කිරීමට ඔවුන් එකඟ වීමත් සමඟ මේ බව විට රුපියල් 10.00 කින් පාන් මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.

නමුත් ඇතැම් බේකරි හිමියන් විසින් පාන් මිල අඩු කිරීමට පියවර ගෙන නොමැති බවට වාර්තා වී ඇති බව සඳහන් කළ ඒ මහතා සතියක කාලයක් බේකරි හිමියන්ට සහ නිෂ්පාදකයින්ට ලබා දී තිබෙන අතර ඉන්පසු ද පාන් මිල අඩු කිරීමට කටයුතු නොකරන්නේ නම් නීතිමය තත්ත්වයකට යාමට සිදු වන බවත් දිගින් දිගටම රජයට මැදිහත් වීමට සිදු වන බවත් අවධාරණය කළේය.

නිෂ්පාදකයින්ට සහන ලබා දී තිබෙන අවස්ථාවක එම සහනය පාරිභෝගිකයාට නොලැබෙන්නේ නම් පාරිභෝගික අධිකාරිය ඒ සඳහා මැදිහත් වන බවත් වෙළඳපොල තුළ පාන් ගෙඩියක තිබිය යුතු වන ග්‍රෑම් 450 බව ප්‍රමාණය අනිවාර්යෙන් තිබිය යුතු වන අතර එසේ නොකරන බේකරි නිෂ්පාදකයින් සහ බේකරි හිමියන්ව වැටලීම් කිරීමට පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දී තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.