Saturday, 19 October 2024

දුම්රිය ආසන වෙන් කිරීමේ වේලාව සංශෝධනය කෙරේ

Posted On Wednesday, 31 July 2024 10:35

දුම්රිය ආසන වෙන් කිරීමේ වේලාව සංශෝධනය කෙරේ

 

දුම්රිය ආසන වෙන්කිරීමේ වේලාව සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව ලබන අගෝස්තු 01 වනදා සිට ආසන වෙන් කිරීමේ ක්‍රියාවලිය උදෑසන 10.00 ට ආරම්භ කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම කටයුතු මේ දක්වා සිදු වූයේ රාත්‍රී 07.00 ටය.