Saturday, 19 October 2024

විශ්‍රාමිකයින්ට ඔක්තෝම්බර් ලැබෙන දීමනාව

Posted On Monday, 12 August 2024 09:12

විශ්‍රාමිකයින්ට ඔක්තෝම්බර් ලැබෙන දීමනාව

 

විශ්‍රාමිකයින් සඳහා පසුගිය අප්‍රේල් මාසයේ සිට ගෙවන රු.2,500 දීමනාවට අමතරව වැටුප් විෂමතා සකස් කරන තෙක් ගෙවීමට නියමත රැපියල් 3,000ක අන්තර් කාලීන දීමනාව ඔක්තොම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙම යෝජනාව පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ලෙස ඉදිරිපත් කොට සම්මත වී තිබේ.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ් අනුව සැප්තැම්බර් මාසයේ ලැබිය යුතු රුපියල් 3,000 ක හිඟ මුදල ද සමඟ ඔක්තොම්බර් මාසයේ දී විශ්‍රාම වැටුපට රුපියල් 6,000 ක් හිමිවන බවයි.

ඉන් පසුව නොවැම්බර් මාසයේ සිට මෙතෙක් ලැබුණු රු.2,500 දීමනාවට අමතරව මෙම අලුතින් ලබාදෙන රුපියල් 3,000 ක අන්තර්කාලීන දීමනාව විශ්‍රාමිකයින්ට ගෙවීමට කටයුතු කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේය.

මෙම රුපියල් 3,000 ක අමතර දීමනාව ගෙවීම සඳහා මුදල් අමාත්‍යාංශය ද පූර්ණ ලිඛිත අනුමැතිය ලබා දී ඇති බැවින්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් මේ සඳහා චක්‍රලේඛය නිකුත් යුතු බවත්, මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති බැවින් සැප්තැම්බර් මාසයේ දී ඒම දීමනාව ලබා දී මැතිවරණ කොමිෂන් සභාව විරෝධතාවය ප්‍රකාශ කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ් අනුව ඔක්තොම්බර් මාසයේ දී ඔවුන්ට හිමිවන රුපියල් 3,000 ක අන්තර්කාලීන දීමනාව සහ සැප්තැම්බර් මාසයේ දී ලැබිය යුතු රුපියල් 3,000 හිඟ දීමනාව සමඟ රුපියල් 6,000ක් විශ්‍රාමිකයින්ට ඔක්තොම්බර් මස විශ්‍රාම වැටුප සමග අනිවාර්යයෙන්ම ලබා ගත හැකි බවට ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.