Saturday, 19 October 2024

ඇසළ පෙරහැර මංගල්‍යයේ දහවල් පෙරහැර අද

Posted On Tuesday, 20 August 2024 07:53

ඇසළ පෙරහැර මංගල්‍යයේ දහවල් පෙරහැර අද

 

සෙංකඩගල නුවර ඇසළ පෙරහැර මංගල්‍යයෙහි අවසන් රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියෙහි වීථී සංචාරය කළ අතර දහවල් පෙරහැර අද වීථී සංචාරය කිරීමට නියමිතය.

දහවල් පෙරහැර සවස 02.11ට උතුරු දිශාභිමුඛව අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයෙන් පිටත්ව, ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ පෙරහැරද කැටුව, ඩී.ඒස්. සේනානායක වීදිය හා පන්සල පාරේ ගමන් කර, දේව වීදියෙන් රජ වීදියට හැරී සිරිත් ප්‍රකාරව, දළදා මාළිගා චතුරස්‍රයේ තෙවරක් ප්‍රදක්ෂිණා කොට, සවස 05.27ට උතුරු දිශාභිමුඛව දහවල් පෙරහැර ගෙවදීමට නියමිතය.