Saturday, 19 October 2024

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන ප්‍රකාශයට පත්කෙරේ

Posted On Sunday, 01 September 2024 09:00

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන ප්‍රකාශයට පත්කෙරේ

 

ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

සැප්තැම්බර් 04 - දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කළ හැක. සැප්තැම්බර් 04 සහ 06 (දෙදින) - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවල දී නිල ඇඳුම් කාර්යය මණ්ඩල සහ එම කාර්යාලවලට අනුයුක්තව සේවය කරන සිවිල් කාර්යය මණ්ඩලයට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතී.සැප්තැම්බර් මස 05 සහ 06 (දෙදින) - ත්‍රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවලද තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව ඇත. සැප්තැම්බර් 11 සහ 12 (දෙදින) - අදාළ දිනවල දී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී යන දෙදින ඡන්දය සලකුණු කිතරීමේ හැකියාව පවති.

එම නිවේදනය පහත දැක් වේ

200