Tuesday, 24 December 2024

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

Posted On Sunday, 15 December 2024 06:06

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

 

ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අද (15) අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින අතර එම පද්ධතිය තවදුරටත් සෙමින් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇත. ඉන් පසුව එළඹෙන දින දෙක තුලදී, එය දිවයිනේ උතුරුට ආසන්නව තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මෙම පද්ධතිය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව, විශේෂයෙන්ම දිවයිනේ නැගෙනහිර සහ උතුරු පළාත්වල වෙසෙන මහජනතාව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.