Tuesday, 08 April 2025

ඇල්ල ඔඩ්සි (නානුඔය) අද සිට ගමන් අරඹයි

Posted On Monday, 10 February 2025 10:26

ඇල්ල ඔඩ්සි (නානුඔය) අද සිට ගමන් අරඹයි

 

නානුඔය සහ බදුල්ල දුම්රිය ස්ථානය අතර “ඇල්ල ඔඩ්සි“ නමින් නව දුම්රිය ගමන් වාරයක් අද (10) සිට ආරම්භ කෙරෙන බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

මෙම දුම්රිය අඟහරුවාදා දින හැර සතියේ සෑම දිනකම පෙ.ව 8.10ට නානුඔය සිට බදුල්ල දක්වා ද ප.ව 1.00 ට බදුල්ල සිට නානුඔය දක්වා ද ධාවනය වේ.

එසේම පළමු පන්තියේ වෙන්කළ ආසන රුපියල් 7000.00 ක් ද දෙවන පනියේ වෙන්කළ ආසන රුපියල් 6000.00 ක්ද තෙවන පන්තියේ වෙන් කළ ආසන රුපියල් 5000.00 ක මුදලකට මෙම දුම්රියේ ආසන වෙන් කරවා ගත හැකිය.

එසේ ම එල්ජින් දිය ඇල්ල සහ Summit Level හිදී දුම්රිය මන්දගාමීව ගමන් කෙරෙන අතර ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ විනාඩි 6ක්ද ආරුක්කු නවය දුම්රිය ස්ථානයේ විනාඩි 10ක් ද නතර කර ධාවනය කෙරේ.