ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අඳාළ දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පල කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (24) පෙරවරුවේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කාර්යාලයේ (නවදිල්ලි) වැඩසටහන් අධ්‍යක්ෂ වෛද්‍ය තාමරන්ග්සි තක්සෆොන් (Dr. Thamarangsi Thaksaphon) සහ පරිපාලන අධ්‍යක්ෂ රොබෙට් චෙල්මින්ස්කි (Mr Robet Chelminski) යන මහත්වරුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී හමු වූ අවස්ථාවේදී ය.
දකුණු ආසියානු කලාපීය එක් එක් රටවල්වල වාර්ෂික ව පවත්වනු ලබන මෙම දකුණු ආසියානු කලාපීය සමුළුව ඒ අනුව මෙම වර්ෂයේ අගභාගයේ මෙරට දී පැවැත්වීමට කටයුතු සංවිධානය කිරීමට ඉහත සාකච්ඡාවේ දී එකඟතාවය පල විය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපීය රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින, බංගලාදේශය, නේපාලය, භූතානය, තායිලන්තය, උතුරු කොරියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, ටිමෝර්ලෙස්ටේ, ඇෆ්ගනිස්ථානය යන රටවල් නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරුන් මෙන් ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් මෙම සමුළුව සදහා සහභාගි වීමට නියමිත ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරනු ලබන රටවල් ප්‍රමාණය 194 වන අතර කලාපීය ව්‍යාප්තිය අනූව එම රටවල් කාණ්ඩ ගත කර ඇත.
මෙහි දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කාර්යාලයේ (නවදිල්ලි) වැඩසටහන් අධ්‍යක්ෂ වෛද්‍ය තාමරන්ග්සි තක්සෆොන් මහතා විසින් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යනු ලබන නිදහස් සෞඛ්‍ය සේවාව මෙහි දී ඇගයීමකට ලක්කළ අතර එය අඩු පිරිවැයකින් පවත්වාගෙන යනු ලබන සේවාවක් බවත්, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිරත කාර්යමණ්ඩලයේ කැපවීම හේතුවෙන් එම සේවාව කාර්යක්ෂම අයුරින් පවත්වාගෙන යනු ලබන බව ද ඒ මහතා පැවසී ය.
ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ප්‍රමුඛ ව මෙරට සෞඛ්‍ය සේවාව ගුණාත්මකව, කාර්යක්ෂම අයුරින් පවත්වාගෙන යාමට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන විශිෂ්ට දායකත්වය සිහිපත් කළ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරියටත් එම විශිෂ්ට දායකත්වය මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට බෙහෙවින් ඉවහල් වන බව සිහිපත් කර සිටියේය.
මෙවැනි සමුළුවක් පැවැත්වීම තුළින් කලාපීය රටවල්වලට බලපාන සෞඛ්‍ය ගැටළු ඇතුළු අනෙකුත් ප්‍රායෝගික ගැටළු වලට කෙටි, මධ්‍ය හා දීර්ඝ කාලීන විසදුම් ලබා ගැනීමට හැකිවන බවත්, රටවල් අතර අනයෝන්‍ය සුහදතාවය වර්ධනය කර ගැනීමට ද එය බෙහෙවින් ඉවහල් වන බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ,නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) විශේෂඥ වෛද්‍ය එස්.ශ්‍රීධරන්, ජාත්‍යන්තර සෞඛ්‍ය පිළිබද අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.