Saturday, 24 May 2025

හෙට සිට සෑම ග්‍රාම සේවා වසමකටම ''Youth Club''

Posted On Thursday, 22 May 2025 09:35

හෙට සිට සෑම ග්‍රාම සේවා වසමකටම ''Youth Club''

 

අනාගතයට සරිලන තරුණ පරම්පරාවක් බිහිකිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළේ එක් පියවරක් ලෙස "Youth Club" ව්‍යාපෘතිය හෙට(23) ආරම්භ කරන බව, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.

"Youth Club" ව්‍යාපෘතිය එළිදැක්වීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා අද(22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙරට මුල්ම යෞවන සමාජ සම්මේලනය 1983 මැයි 23 දින ස්ථාපිත කළ අතර, එම දිනය මුල් කර ගනිමින් හෙට දිනය ජාතික තරුණ දිනය ලෙස නම්කර තිබේ. හෙට සිට එළඹෙන ජූලි 31 දක්වා දිවයින පුරා සියළුම ග්‍රාම සේවා වසම් ආවරණය කරමින් "Youth Club" යෞවන සමාජ 14,033ක් ආරම්භ කෙරේ.

Youth Club සඳහා තරුණ තරුණියන් සම්බන්ධ කර ගැනීමට සඳහා සෑම කොට්ඨාසයකටම

එක් තරුණ නිලධාරියෙකු බැගින් පත්කර තිබේ. මෙම Youth Club යොෟවන සමාජයට ඒකරාශී වන තරුණ තරුණියන් සඳහා ජාතික තරුණ සේවා සභාව මඟින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් සඳහා සහභාගී විමට සහ තරුණ කටයුතු අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක වන ජාතික සහ ජාත්‍යන්තර වැඩසටහන් සඳහාද සහභාගීවීමට අවස්ථාව හිමි වේ.

ප්‍රාෙද්ශී්‍ය සහ කොට්ඨාස මට්ටමින් යෞවන සමාජ පිහිටුවීමෙන් අනතුරුව , අගොස්තු 12වන දිනට යෙදෙන ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ජාතික තරුණ සුමුළුව පැවැත්වීමට සැළසුම්කර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.