Tuesday, 22 October 2024

ලංකාවට යවන්නැයි ඉල්ලූ ජෝර්දානයේ සිරවූ ලාංකිකයන්ට කදුළු ගෑස් ගසා පන්නා දමයි

Posted On Tuesday, 28 July 2020 11:02


July 28, 2020
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රැකියා අහිමිවී ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් සහ ඔවුන් ගැන සොයා බැලීමට ගිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර ඇතිවූ කලබලකාරී තත්ත්වය පාලනය කිරීමට ජොර්දාන් පොලිසිය (27) එම පිරිසවෙත කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ජොර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට එම කර්මාන්ත පුරයට ගිය අවස්ථාවේ ගැටලුවට නිශ්චිත විසඳුමක් නැතැයි කියමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 340 කට ආසන්න පිරිසක් එම නිලධාරීන්ව වටකර ගෙන විරෝධය පළ කර ඇති බව ජොර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග කියයි.

එම ස්ථානයට පැමිණි එක් තානාපති නිලධාරියෙකු නිවාස අඩස්සියට පත්කර ගැනීමෙන් පසු ඇතිවූ නොසන්සුන් කාරී තත්ත්වය පාලනය කිරීමට එරට පොලිසිය පැමිණ මෙම කදුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

lanka C news