Wednesday, 23 October 2024

ලංකාවේ කොවිඩ් ආසාදිත මවකට සිව් නිවුන් දරු උපතක්

Posted On Thursday, 17 December 2020 08:33

 
 
 

කොරෝනා ආසාදනය වූ ගැබිණි මවක් විසින් කොළඹ ද සොයිසා රෝහලේදී සිවු නිවුන් දරු උපතක් සිදුකර ඇති බව ද සොයිසා මාතෘ රෝහලේ අධ්‍යක්ෂිකා සාගරිකා කිරිවන්දෙණිය ප්‍රකාශ කර සිටිනවා.

මේ වන විට මව සහ දරුවන් සුවයෙන් පසුවන බවයි රෝහල් අධ්‍යක්ෂිකාව සඳහන් කළේ.

කොවිඩ් ආසාදිත මෙම මව 29 හැවිරිදි වියේ පසුවන අතර ඇය මරදාන, කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි රෝහල් අධ්‍යක්ෂිකාව සඳහන් කලේ.

මිට පෙර අවස්ථා දෙකක දී මෙරටින් කොවිඩ් ආසාදිත මව්වරුන් දෙදෙනෙකුට නිවුන් දරු උපත් සිදුවූ බවට වාර්තා වුවා.