Thursday, 24 October 2024

අද මධ්‍යම රාති‍්‍රයෙන් පසු ජනාධිපතිවරණයට අදාළ කිසිඳු ප‍්‍රචාරක කටයුත්තක් සිදු කිරීම මැතිවරණ නීතිවලට අනුව තහනම් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

Posted On Wednesday, 13 November 2019 06:44

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද, තිස්සමහාරාම, මාතර, ගාල්ල, කලුතර සහ හෝමාගම යන නගරවල ජනරැළි ඇමතීමට නියමිතයි. ඔහු සහභාගී වන අවසන් මහා රැළිය පැවැත්වෙන්නේ කැස්බෑවේදී පැවැත්වේ.

Posted On Wednesday, 13 November 2019 06:40

එළඹෙන ජනාධිපතිවරණය රාජකාරි වල නිරත වන සියලුම පොලිස් නිළධාරීන් සඳහා අවශ්‍ය වන මනව සහ භෞතික සම්පත් සියල්ල වෙන් කර ඇති බවත්, අවශ්‍ය සැම නෛතික සහ ප්‍රයෝගික උපදෙසක් ම ඒ ඒ පොලිස් ස්ථාන වලට ලබා දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඊයේ (11) පොලිස් මුලස්ථානයේ දී පැවැත් වූ මාධ්‍ය හමුවක දී පවසන ලදී.

ඒ අනුව, පොලිස් මූලස්ථානය විසින් පොලිස් නිළධාරීන් සඳහා විශේෂයෙන් අනුගමනය කළ යුතු උපදෙස් අඩංගු පොතක් රජයේ මුද්‍රණාලය විසින් මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කොට ඇත. භාෂා තුනෙන්ම සමන්විත මෙම උපදෙස් මාලාව අඩංගු පොත සැම පොලිස් කොට්ඨාසයකටම ලබා දී ඇති බවත් මෙහි දී සඳහන් කෙරිණි.

එමෙන්ම, ජනාධිපතිවරණය සඳහා පොලිස් කොට්ඨාස වෙත විශේෂ රාජකාරි සඳහා යෙදීමට නියමිත සියළුම පොලිස් නිළධාරීන් එළෙඹෙන 14 වන දා උදැසන 10.00 වන විට ඒ ඒ පොලිස් කොට්ඨාස වෙත තමන්ට නියමිත
රාජකාරිවලට වාර්තා කළ යුතු බවත් මෙහි දී සඳහන් කළේ ය.

ඉන් අනතුරුව එම පොලිස් නිළධාරීන්ව නියමිත පොලිස් ස්ථාන වලට බෙදා වෙන් කරන අතර 14 වන දින දහවල වන විට එම නිළධාරීන්ව අදාළ පොලිස් ස්ථාන වෙත රැගෙන යාම සිදු කරනු ලබයි. ඉන් පසු එදිනම සවස එම පොලිස් ස්ථානයේ දී ම එම නිළධාරීන්ට උපදෙස් පන්තියක් පැවැත්වේ. එහි දී තමන් අනියුක්ත කර තිබෙන රාජකාරිය නිළධාරීන්ට දැනුම් දෙනු ලැබේ.

සැම පොලිස් ස්ථානයකම ස්ථානාධිපති වරයෙක් සිටින බවත්, ඊට අමතරව සැම පොලිස් ස්ථානයක්ම ඒ ඒ ශ්‍රේණිවල වර්ගීකරණයට අනුව ජනාධිපතිවරණයට අදාළව අධීක්ෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරී වරයෙක් හෝ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වරයෙක් යොදවා ඇතැයි ද මෙහි දී වැඩිදුරටත් සඳහන් කෙරිණි.
එමෙන්ම, 15 වන දින උදැසන 06.00 වන විට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත සැම ජංගම සංචාරයක් ම ආරම්භ වන බවත් මෙහි දී සඳහන් කෙරිණි. එමෙන්ම, ඡන්ද මධ්‍යස්ථාන රාජකාරි සඳහා යෙදවෙන නිළධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකු 15 වන දා උදැසන ඡන්දපොළට රැගෙන යාමටත්, අනිත් නිළධාරියා ඡන්ද පෙට්ටි රැගෙන ඒමට ආරක්ෂාව සැපයීමටත් රැගෙන යනු ඇත.

Posted On Tuesday, 12 November 2019 04:34


ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිස් නිළධාරීන් 60,175 ක් සහ සිවිල් නිළධාරීන් 8,080 ක් දිවයින පුරා රාජකාරියේ

Posted On Tuesday, 12 November 2019 04:21

ජනාධිපතිවරණයේ මැතිවරණයට අදාළ සජිවි විකාශයන් නොවැම්බර් 07 වෙනි සිට නවතා දැමිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි

Posted On Thursday, 07 November 2019 05:41