Thursday, 24 October 2024

ජනාධිපතිවරණයේ නාමයෝජනා භාර ගැනීම ඔක්තෝබර් 07 දා පෙ.ව.9.00 සිට පෙ.ව.11.00 දක්වා කාලය තුළ පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Posted On Thursday, 03 October 2019 07:13

ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් සියලු සුරාසල් වසා දමන බව සුරාබදු දෙපාර්තමෙන්තුව පවසයි.

Posted On Thursday, 03 October 2019 07:04
මහජන චීන සමූහාණ්ඩුවේ 70 වන සංවත්සරය වෙනුවෙන්  සංවිධානය කළ සංගීත ප්‍රසංගයක් ඊයේ (30) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා එක් විය.

අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සහ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා ඇතුළු  ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
Posted On Wednesday, 02 October 2019 03:25

දුම්රිය වර්ජනය හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට පිටපළාත් ධාවනය සඳහා අතිරේක බස් රථ 50කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බව පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ සහකාර ධාවන කළමණාකාර එම්.කීර්තිරත්න මහතා රජයේ නිල වෙබ් අඩවියෙන් සිදු කරන ලද විමසුමක දි පැවසුවේ ය.

Posted On Monday, 30 September 2019 09:26

2019 ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් යොමු කිරිමට දි තිබු කාලය අදින් අවසන් වේ

Posted On Monday, 30 September 2019 09:23