Wednesday, 23 October 2024
Editor

Editor

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුනු ඉන්දීය ධීවර යාත්‍රා 05ක්- ඉන්දීය ජාතිකයින් 36 ක් නාවික හමුදා භාරයට


 
 
 

කොරෝනා ආසාදනය වූ ගැබිණි මවක් විසින් කොළඹ ද සොයිසා රෝහලේදී සිවු නිවුන් දරු උපතක් සිදුකර ඇති බව ද සොයිසා මාතෘ රෝහලේ අධ්‍යක්ෂිකා සාගරිකා කිරිවන්දෙණිය ප්‍රකාශ කර සිටිනවා.

මේ වන විට මව සහ දරුවන් සුවයෙන් පසුවන බවයි රෝහල් අධ්‍යක්ෂිකාව සඳහන් කළේ.

කොවිඩ් ආසාදිත මෙම මව 29 හැවිරිදි වියේ පසුවන අතර ඇය මරදාන, කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි රෝහල් අධ්‍යක්ෂිකාව සඳහන් කලේ.

මිට පෙර අවස්ථා දෙකක දී මෙරටින් කොවිඩ් ආසාදිත මව්වරුන් දෙදෙනෙකුට නිවුන් දරු උපත් සිදුවූ බවට වාර්තා වුවා. 

පොදු ප්‍රවාහනයේ මඟීන් ප්‍රවාහනය කිරීමේ දී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලබාදුන් උපදෙස්

කොවිඩ් මඩින හෙළ ඔසු රැසක් කොවිඩ් මර්දන දේශීය වෛද්‍ය ජාතික කමිටුවේ අවධානයට

කොවිඩ් නිසා පීඩාවට පත් වූ සංචාරක ක්ෂේත්‍රෙය් අයට තවදුරටත් සහන- ඇමති ප්‍රසන්න රණතුංග

කොළඹ නිවාස සංකීර්ණ 04ක හුදකලා තත්ත්වය ඉවතට-ප්‍රදේශ කීපයක් හුදකලා වන අතරේ තවත් ප්‍රදේශ නිදහස් වෙයි

මේ මොහොතේ පවතින තත්ත්වය හමුවේ උත්සව සමයේ දී සංචරණ සීමා පනවමින් හුදෙකලා කිරීම් හෝ නිරෝධායන ඇදිරිනීතිය පැනවීමක් නෑ

විදේශ සේවා නියුක්ති කාර්යාංශය වසා නැහැ

ප්‍රවාහනයේ දියුණුවට ඉන්දීය රජයේ සහය දිගටම ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ (Gopal Baglay) මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ප්‍රවාහන  අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අතර අද (11 ) දින බත්තරමුල්ල සෙත්සිරිපාය ප්‍රවාහන අමාත්‍යාංශයේදි පැවති හමුවක දීය.

මෙහිදි ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සේවයේ ගුණාත්මකභාවය හා සංවර්ධනය වෙනුවෙන් ඉන්දීය රජය සපයන සහය ඉදිරියටත් නොකඩවා ලබා දීමට හා දුම්රිය රියදුරන් සදහා පුහුණු වැඩසටහන්  ක්‍රියාත්මක කිරිමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා ඒ සදහා සහය විමටත් ඉන්දිය මහකොමසාරිස්වරයා කැමැත්ත පළ කළහ.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතා ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ පළමුවැනි ලේකම් එල්ඩෝස් මැතිව් (Eldos Mathew) මහතා සහ
ප්‍රවාහන අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් තුෂාර පෙරේරා යන මහත්වරුන්ද සහභාගී වූහ-

2021 අයවැය යෝජනා අද සිට ක්‍රියාත්මකයි