Saturday, 19 October 2024
Editor

Editor

ඛනිජ තෙල් බෙදාහැරීම ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බැවින් එම සේවාව හා සම්බන්ධ සියලු ම සේවකයින්ට වහාම සේවයට වාර්තා කරන ලෙස රජය දැනුම් දෙයි.

මහජනතාව පත්වන පීඩා සහ අපහසුතාවයන් සැලකිල්ලට ගෙන වහාම සේවයට වාර්තා කරන ලෙස රජය වර්ජනයට එක්ව සිටින ඛණිජ තෙල් සංස්ථා සේවකයින්ගෙන් ඉල්ලයි.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා සිදුකරනු ලබන පිච්ච මල් පූජා මහෝත්සවය 29දා පස්වරු 3.00ට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පැවැත්වේ. මෙම අවස්ථාවට සමඟාමීව 29චදා සිට 02දා දක්වා වැසි පිරිත් දේශනයක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත් වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

නාගරික ඝන අපද්‍රව්‍ය භාවිතා කරමින් සකසන කොම්පෝස්ට් සහ කෘෂිකාර්මික අවශේෂ භාවිතා කරම්න් සකසන කොම්පෝස්ට් සඳහ‍ා වන නව ප්‍රමිති පිරිවිතර කෙටුම්පත් දෙක ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් දැනට උද්යෝගිමත් පාර්ශවවල අදහස් ලබා ගැනීම සඳහා නිකුත් කර ඇත.

දුම් රහිත දුම්කොළ නිෂ්පාදනය  කිරීම, ආනයනය, විකිණීම හෝ විකිණීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම අද (19) සිට සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජුලියා බිෂොප්  මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද (19) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
 

Wednesday, 19 July 2017 05:03

තරමක් තද සුළං

දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල,උතුරු, උතුරු-මැද,ඌව සහ නැගෙනහිර පළාත්වල සහ මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල)විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දමන ලද රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2016 (2017) විභාගය ලබන 23 වැනි දා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. ජේ. පුෂ්පකුමාර මහතා  සඳහන් කරයි.

අන්තර්ජාලය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් 2017 වර්ෂයේ ජනවාරි මාසයේ  සිට ජුනි මාසය දක්වා කාලය තුල පැමිණිලි 1600 ක් පමණ ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) පවසයි.