Sunday, 20 October 2024
නව පුවත්

ලබන 10 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමේදී පසුගිය මැතිවරණයවලදී සිදු කළ පරිදි ඡන්ද ගණන් කිරීම මධ්‍යගතව එනම් දිස්ත්‍රික් මූලස්ථානයේදී සිදු නොකෙරෙන අතර ඡන්ද මධ්‍යස්ථානයේදී සිටම ඡන්දය ගණන් කිරීම සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Posted On Friday, 09 February 2018 05:18

2018 පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමට අදාළ ව මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම අද (07) මධ්‍යම රාත්‍රියේ සිට සම්පූර්ණයෙන්ම තහනම් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
 

Posted On Wednesday, 07 February 2018 06:30

දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Posted On Wednesday, 07 February 2018 06:28

ඡන්ද මධ්‍යස්ථානවලට බීමත්ව පුද්ගලයන් පැමිණිය හොත් එම අයට එරෙහිව නීතිය ක්‍රියත්මක කෙරෙන බව පොලීසිය පවසයි.

Posted On Wednesday, 07 February 2018 06:27

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු හේතුවෙන් දිවයිනේ සියලු පාසල් පෙබරවාරි 09 වන දින වසා තැබේ. මීට අමතරව තවත් පාසල් 19 ක් හා විද්‍යාපීඨ දෙකකට පෙබරවාරි මස 07, 08 සහ 09 දිනවලත් වසා තැබීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Posted On Wednesday, 07 February 2018 06:24