Sunday, 20 October 2024
නව පුවත්

2017 / 2018 අධ්‍යයන වර්ෂය සඳහා අන්තර්ජාලය හරහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අයඳුම්පත් භාරගැනීමේ අවසාන දිනය පෙබරවාරි 02දා දක්වා දීර්ඝ කොට ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙයි.

Posted On Wednesday, 24 January 2018 04:51

දිවයිනේ බොහෝ පළාත් වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) නිවේදනය කර තිබේ. කෙසේ වෙතත්,හම්බන්තොට,මාතර, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක වල සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් ඇති විය හැක.

Posted On Wednesday, 24 January 2018 04:49

ළමා අපයෝජන අවම කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය රැගෙන යන වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැසසුමට ලක්වූ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 

Posted On Tuesday, 23 January 2018 04:44

ඉන්ධන අවභාවිතය සහ අක්‍රමිකතා වැළැක්වීමට හදිසි වැටලීම් තවදුරටත් වේගවත් කර ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රනතුංග මහතා පවසයි. නුගේගොඩ ගම්සභා හංදියේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් පොම්පවලට සහ භූගත පෙට්‍රල් ගබඩා ටැංකියට සීල් තබනා ඇතැයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

Posted On Tuesday, 23 January 2018 04:41

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (22) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වෙන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි. මහබැංකු බැදුම්කර වාර්තා පාර්ලිමේන්තුවට ලබා දීමෙන් අනතුරුව පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පසුගිය 17 දින මේ බව සඳහන් කර ඇත.

Posted On Monday, 22 January 2018 05:11