Sunday, 20 October 2024
නව පුවත්

මැතිවරණ පැමිණිලි හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 275ක් වාර්තා වී තිබෙන බවත් පොලිසිය සඳහන් කරයි. ඒ අනුව 2017.12.09 වැනි දින සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි 191ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 84ක් වාර්තා වේ.  මැතිවරණ පැමිණිලිවලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 55ක් වේ.

Posted On Monday, 22 January 2018 05:08

තෙදින නිල සංචාරයක් සඳහා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් මහතා අද (22) පස්වරු 1.20ට පමණ දිවයිනට පැමිණීමට නියමිත ඇත. ඒ අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට කොළඹ කොටුව මැදපාර Shangri-La හෝටලය වෙත ගමන් කරන බැවින් එම කාලය තුළ එම මාර්ගයන් හි වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
 

Posted On Monday, 22 January 2018 05:05

ආසන පටි, වායු බැලූන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රමවේදයන් සහිත යූරෝ iv හෝ එයට සමාන තත්ත්ව සහතිකවලට අනුකූල නොවන වාහන ආනයනය ජූලි මස 01 දා සිට තහනම් කෙරේ.

Posted On Saturday, 20 January 2018 03:23

දිවයිනේ බොහෝ පලාත්වල වියලි කාලගුණ තත්වයන් සමඟ සහ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඉදිරි දිනවලදී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

Posted On Thursday, 18 January 2018 05:07

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ගුරුවරුන් සඳහා වූ දැනුවත් කිරීමේ වැඩමුළුවක් හෙට (19)  මතර දී පැවැත්වෙයි. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් වැඩමුළුව සංවිධානය කර ඇත. පෙ.ව 9.30 ට pearl cliff Hotel හී දී වැඩමුළුව පැවැත්වෙයි.

Posted On Thursday, 18 January 2018 05:05