මහ මැතිවරණය නිසා නතර කෙරුණු, එක්ලක්ෂ පනස් දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශය ලබා දුන් උපදෙස් වලට මුල්තැන දෙමින් එළඹෙන සඳුදා (අගෝස්තු 17) සිට සියලුම විශ්ව විද්‍යාලයන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
අගෝස්තු 7 වන දින ශ්‍රී ලංකාවේ UL866 ගුවන් යානයෙන් චීනයට ගිය මගීන් 23 දෙනෙකු PCR පරීක්ෂණ සිදු කරන විට COVID-19 සඳහා පොසිටිව් වී තිබෙ. මෙම පරීක්ශා කිරීමෙන් පසුව අගෝස්තු 17 සිට ශ්‍රී ලංකාවේ ගුවන් සේවය සති හතරකට අත්හිටුවන බව චීනයේ සිවිල් ගුවන් සේවා පරිපාලනය නිවේදනය කරයි.
කොළඹ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම ගුවන් යානය ඩුබායි සිට ෂැංහයි දක්වා වූ බවත් ගුවන් යානයේ සිටි සියලුම මගීන් ඩුබායි සිට පිටත් වූ බවත් ය. යානය කෙටි නැවතුමක් කළේ ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පමණි. එය ශ්‍රී ලංකාවෙන් මගීන් රැගෙන නොගිය අතර යානයේ සිටි මගීන් ශ්‍රී ලංකාවට ඇතුළු නොවීය.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන්, සයිප්‍රස් රාජ්‍යයේ රැකියා සඳහා යොමුවන ශ්‍රමිකයින් එරටට පැමිණිමට ප්‍රථම කොව්ඩ් 19 වැළඳී නොමැති බවට තහවුරුවක් ලබා ගත යුතු අතර, එම පරික්ෂණ වාර්තාවේ අනිවාර්යෙන් අඩංගු විය යුතු කරුණු පිළිබඳව සයිප්‍රස් රජය විසින් දැනුම් දී තිබේ.
කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වයෙන් පසු ලොව රටවල් කිහිපයක් විදේශ ශ්‍රමිකයින් රැකියා සඳහා බඳවා ගැනීම තාවකාලිකව අත්හිටවු නමුත් මැලේසියාව ගෘහ සහයකයින් සඳහා රැකියා වීසා ලබාදීමට පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.