×

Warning

JUser: :_load: Unable to load user with ID: 445
දසත

දැඩි මීදුම් නිසා ඩුබායි සිට මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා 2ක් ප්‍රමාදයි

අරාබි කලාපයේ පවතින දැඩි මීදුම් තත්ත්වය හේතුවෙන් අද මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා 2ක් ප්‍රමාද වී තිබේ.

කටුනායක ගුවන් තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ, සාජා සිට අද අලුයම 3.55ට කටුනායක ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතව තිබූ ඉන් එක් යානයක් ප්‍රමාදය හේතුවෙන් අද රාත්‍රී 8.00ට මෙරටට ළඟා වීමට නියමිත බව ය.

මේ අතර, අබුඩාබි සිට අද අලුයම 5.05ට මෙරටට ළඟා වීමට තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය ද පැය13කට අධික කාලයක් ප්‍රමාද වන බව ගුවන් තොටුපොළ ප්‍රකාශ කර තිබේ.

දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 286 යි, දිනය නිමාවේ ශ්‍රී ලංකාව පළමු ඉනිමට 181/7 (Video)

සුරංග ලක්මාල්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 286 කට සීමා වෙයි.

සුරංග ලක්මාල් ගේ හොඳම පන්දු යැවීම 63/5

සුසන්තිකා ජයසිංහ දැඩි සත්කාර ඒකකයට

ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ, අද පෙරවරුවේ දියතලාව රෝහලට ඇතුළත් කර තිබේ.

ඇය මේ වනවිට, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ‍.

ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය-2016 සමාප්ති උළෙල අද (24) පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

පොළොන්නරුව දිස්ත්‍රික් බර ඉසිලීමේ සංගමය සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් බර ඉසිලීමේ ශූරතාවලිය සංවිධානය කරනු ලබයි.

ජනප‍්‍රිය පොප් ගායක ජෝර්ජ් මයිකල් අභාවප‍්‍රාප්ත වී තිබේ.

 ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 53කි.

එංගලන්තයේ දී උපත ලද ජෝර්ජ් මයිකල් 1980 දශකයේ දී අතිශය ජනප‍්‍රියත්වයට පත් වුණි.

ඔහු විසින් ගායනා කරන ලද කේයාර්ලස් විස්ෆර්, වන් මෝ ට‍්‍රයි, වේක් මී අප් බිෆෝ යූ ගෝ ගෝ, ලාස්ට් ක‍්‍රිස්මස්, ෆ‍්‍රීඩම් යන ගීත ජනපි‍්‍රයත්වයට පත්වුණේ ගීත ඇල්බම ද මිලියන ගණනක් අලෙවි වෙමිනි.

චිලී රාජ්‍යයේ ප‍්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

එහි ප‍්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 7.7ක්.

භූ කම්පනයෙන් පසු අනතුරු ඇගවිම් ද නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සූර්යකෝෂ වලින් සැදුම්ලත් ලොව පළමු මාර්ගය විවෘත කර තිබේ.

 

මෙම මාර්ගය විවෘත කර ඇත්තේ ප්‍රංශයේ නෝමැන්ඩි නම් කුඩා නගරයේය.

 

කිලෝමීටරයක් ඔස්සේ දිවෙන මෙම මාර්ගය සෑදීමට මූල්‍ය ප්‍රතිපාදන ලබාදී තිබුනේ ප්‍රංශයේ පරිසර අමාත්‍යංශයයි.

Page 9 of 9