දසත

ඊයේ දින පැවති පලමු LPL තරඟය මිලියන 100 කට අධික පිරිසක් නරඹා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහණය මිලියන 20 ක් පමණ වන අතර මෙරට දේශීය තරඟාවලියක් මෙතරම් පිරිසක් නැරඹූ මුල්ම අවස්ථාව ලෙසින් මෙය සටහන් වෙනවා.

එමෙන්ම IPL හැරුනුකොට , අවම කණ්ඩායම් ප්‍රමාණයක් සහ අවම විදෙස් ක්‍රීඩකයින් පිරිසක් සහභාගී වෙමින් , එම තරඟය පැවති රටේ ජනගහණය මෙන් පස් ගුණයක ප්‍රමාණයක් තරඟයක් නැරඹූ මුල්ම අවස්ථාවද මෙය වනවා.

කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා භාවිතා කරන විෂබීජ නාශක දියර වර්ගයක් පානය කිරීමෙන් 7දෙනෙකු මියගොස් අසාධ්‍ය තත්ත්වයේ පසුවන තවත් දෙදෙනකු රෝහල් ගත කර ඇති බවත් dailymail පුවත් සේවය වාර්තා කළා.

රුසියාවේ ටැටින්ස්කි දිස්ත්‍රික්කයේ ටොම්ටර් ගම්මානයේ පැවති සාදයකදී ගෙනවිත් තිබූ මත්පැන් අවසන් වීමෙන් පසු ඒ වෙනුවට සනීපාරක්ෂක දියර පානය කර ඇතැයි පොලිසිය පවසයි.

එම සනීපාරක්ෂක දියර වර්ගය නිෂ්පාදනයේදී මෙතනෝල් 69%ක් යොදාගෙන ඇති බවද පොලිසිය සිදුකළ මූලික විමර්ශනයේදී හෙළවී තිබේ.

සිද්ධිය සම්බන්දව පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මියගිය අය අතර කාන්තාවක් ද සිටින බව වාර්තා වේ

https://www.google.com/amp/s/www.dailymail.co.uk/news/article-8972801/amp/Seven-die-drinking-coronavirus-hand-sanitiser-alcohol-ran-party-Russia.html

“ලංකා ප්‍රිමියර් ලීග්“ පන්දුවාර 20/20 ක්‍රිකට් තරඟාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප‍්‍රධාන දේශීය ක්‍රීඩකයා වන ලසිත් මාලිංග එම තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.‍

ඒ, තරඟාවලිය සඳහා සූදානම්වීමට ප්‍රමාණවත් කාලයක් නොමැතිවීම හේතුවෙන් බව ඔහු සඳහන් කරයි.

LPL තරඟාවලියට සහභාගීවීමට සිටි පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට කොවිඩ් - 19 ආසාදනයවීම මෙන්ම තරඟාවලියේදී වඩාත් කැපී පෙනෙන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු තරඟාවලියෙන් ඉවත්වීමද සිදුව තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග තරඟාවලියෙන් ඉවත්වීමට තීරණයකර ඇති අතර මාලිංග කියා සිටියේ මේ වසරේ පැවැති කොදෙව් තරඟාවලියෙන් පසු ක්‍රීඩාවට යොමුවීමට අවස්ථාවක් නොලැබුණු බවත්, ඉන් පසුව කිසිදු පුහුණුවීමක නිරතවීමට තමන්ට අවස්ථාවක් නොලැබුණු බවත්ය.

ඉහළ මට්ටමේ තරඟාවලියක් සඳහා පුහුණුවක් නොමැතිව සහභාගීවීම පන්දු යවන්නෙකුට පහසු දෙයක් නොවන බව සිය ඉවත් වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලසිත් මාලිංග කියා සිටියේය.

මේ අතර තරඟාවලිය සඳහා සහභාගීවීමට පැමිණි කැනඩාවේ රවීන්දර්පාල් සිංට කොවිඩ් - 19 ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇති අතර ඔහු සහ සෙසු ක්‍රීඩකයන් මෙරටට පැමිණි අවස්ථාවේදී සිදුකළ PCR පරීක්ෂණයේදී ඒ බව තහවුරු වී තිබේ.

කලම්බු කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට සිටි රවීන්දර්පාල් සිං සමඟ අන්ඬ්‍රේ රසල්ද එම ගුවන් යානයේ පැමිණි ඇති බැවින් රසල් නිරෝධායනට ලක්කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කරන පාකිස්තානු ක්‍රීඩක සොහෙල් තන්වීර්ටත් කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.

මේ අතර තරඟාවලියට සහභාගීවීම සඳහා දකුණු අප්‍රිකාව, පාකිස්තානය, එංගලන්තය සහ ඇෆ්ගනිස්ථාන යන රටවල්හි ක්‍රීඩකයන් 8 දෙනෙකු ඊයේ රාත්‍රීයේදී දිවයිනට පැමිණ ඇති අතර PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් පසු නිරෝධානය සඳහා යොමු කෙරුණි.

ඒ අනුව, තරඟාවලියට සහභාගී වන විදේශීය ක්‍රීඩකයන්, කාර්ය මණ්ඩල සහ තරඟාවලිය සංවිධායකයින් මේ වන විට තරඟ පැවැත්වෙන හම්බන්තොටට පැමිණ සිටී.

මේ අතර ලංකා ප්‍රියමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ නිල තේමා ගීතය අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එළිදැක්වුණි.

 

‘කොවිඩ්-19’ වයිරසය මර්දනය කිරීමට සොයාගන්නා ඕනෑම එන්නතක් තම රටේ ජනතාවට නොමිලේ ලබාදීමට පියවර ගන්නා බව බෙල්ජියම ප්‍රකාශ කරයි.

බෙල්ජියමේ ජනගහනය මිලියන 11.5ක් වන අතර මේ වනවිට එරටින් වාර්තා වී ඇති වයිරස ආසාදිතයන්ගේ ගණන 540,000කි.

“සෑම පුරවැසියකුටම මේ එන්නත නොමිලේ ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා” යැයි බෙල්ජියමේ සෞඛ්‍ය අමාත්‍ය ෆ්‍රෑන්ක් වැන්ඩබෲකේ පැවැසීය.

අන්තර්අමාත්‍ය සෞඛ්‍ය සමුළුවක් අමතමින් බෙල්ජියමේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේය. එම සමුළුවට කලාපයේ අනෙක් සෞඛ්‍ය අමාත්‍යවරුද සම්බන්ධ වූහ.

සායනිකව තහවුරු කර සංවර්ධනය කෙරෙන නව කොරෝනා වයිරස එන්නත බෙල්ජියමේ ජනගහනයෙන් 70%කට එනම් මිලියන අටකට ආසන්න ජනතාවකට නොමිලේ ලබාදීමට බලාපොරොත්තු වන බව ද මෙම සමුළුව අමතමින් බෙල්ජියමේ සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.

“සමාජ විවාදයකින් සහ විද්‍යාත්මක අදහස සහ මතය අනුව එන්නත මුලින්ම දෙන්නේ කාටදැයි තීරණය කරනවා. ඒ අනුව ප්‍රමුඛත්වය දෙනවා” යැයි බෙල්ජියමේ සෞඛ්‍ය අමාත්‍ය වැන්ඩබෲකේ පැවැසීය.

බෙල්ජියමෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 14,000 ඉක්මවයි. බෙල්ජියමේ, ජනගහනයෙන් මිලියනයකට වාර්තා වයිරස මරණ අනුපාතය ඉතා ඉහළ වන අතර එය යුරෝපයේ දරුණුම නව කොරෝනා වයිරස ආසාදිත මරණ අනුපාතය ද වේ.

ඉදිරි මාස කිහිපයේදී එන්නත් තොග මිලදී ගැනීම සඳහා බෙල්ජියම ඇතුළු යුරෝපා සංගමයේ රටවල් මේ වනවිට පියවර ගනිමින් සිටියි.

ජර්මනියේ කියෝවැක් ඖෂධ සමාගම ද මේ වනවිට නව කොරෝනා වයිරසයක් අත්හදා බලමින් සිටින අතර බෙල්ජියම ඊයේ, එම සමාගම සමඟ ද ගිවිසුමකට අත්සන් තැබීය.

බෙල්ජියම මේ වනවිට ඇස්ට්‍රාසෙනෙකා සමාගමෙන් එන්නත් මාත්‍රා මිලියන 7.7 ලබාගැනීමට ගිවිසුම් අත්සන් කර තිබෙන අතර ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමෙන් එන්නත් මිලියන 5.5 ලබාගැනීමට ගිවිසුම් අත්සන් තබා ඇත.

 

උපුටා ගැනීම - ද  ගාඩියන්

 

මහේල වත්මන් ක්‍රිකට් ලොව සැණකෙළියේ මහ මොළකරුවෙකි . අම්බානිගේ සල්ලි වැස්සේ තෙමෙන්නට පදම හොදින් දත් ඔහු ඔහුටම ආවේණික රිද්මයකින් මුම්බායි ඉන්දියන්ස් ජය මාවතක රැගෙන යන්නේය.

මහේල මුම්බායි ඉන්දියන්ස් භාර ගත් පසු කණ්ඩායම් විනයට අංක එක දුන්නේය. තම ක්‍රීඩකයින් ක්‍රමවත් කරන්නට එදා ඔහු අපූර්ව අදහසක් ගෙන ආවේය.කිසියම් ක්‍රීඩකයෙකු තරගයකදී හෝ ඉන් පිටතදී වරදක් කළහොත් විශේෂිත ඇදුමක් ඔහු වෙනුවෙන් වෙන් කළේය. යළි වෙනත් අයෙකු වරදක් කරන තෙක් කලින් ක්‍රීඩකයා කණ්ඩායම සමගින් වන සෑම විටම එම දඩුවම් ඇදුමින් සැරසිය යුතුය.

මහේලගේ මෙම දඩුවමට මුලින්ම ලක්වන්නේ කොල්කටා කණ්ඩායමෙන් මුම්බායි වෙත කැදවාගත් සූර්යකුමාර් යදාව් ය. වෙලාවට වැඩකරන හොද පුරුද්ද අමතක කල සූර්යකුමාර් වෙත මහේලගේ මෙම දඩුවම තදින්ම බලපෑවේය. මෙවර IPL තරග බිම හොල්ලන පිතිකරුවකු වන්නට ඔහුට හැකි වූයේ පුහුණුකරු මහේල ටොකු ඇන ඇන කියා දීපු පාඩම් නිසා බවයි ඔහු පවසන්නේ.

මුම්බායි පිළට වගේම ඉන්දීය ජාතික කණ්ඩායමේත් අනාගත බලාපොරොත්තුවක් වන ඉෂාන් කිෂාන් සම්බන්ධයෙන්ද අපූරු කතාවක් එළියට එන්නේය. පුහුණු සැසියකදී කිෂාන් වෙත පන්දුවක් මගහැරෙන අතර ඔහුගේ අලස ක්‍රීඩා විලාසය දුටු මහේල සැනෙකින් කෝප වන්නේය .

" ක්‍රිෂ් තමුසේ නිදිද .......? " මහ හඩින් එහෙම අහපු මහේල ඔහුව ළගට කැදවා කළ දේශනාව සමාජ මාධ්‍ය අතර හරි ජනප්‍රියය.

රාත්‍රී කාලයේ වැඩිපුර අවදිව හිටපු මේ තරුණ ක්‍රීඩකයා අනාගතය වෙනුවෙන් සුදානම් කළ මහේල ක්‍රමයෙන් ඔහුව වේලාසන නින්දට යවනවා පමණක් නොව ඔහුගේ උපරිමය කණ්ඩායම වෙත රදවන්නේය.

සමහර විට මහේලගේ ක්‍රිකට් ආගමනයේ ඔහු ලත් අත්දැකීම් මේ සියල්ලට හේතු වූවාට සැක නැත.

1997 දී මහේල SSC කණ්ඩායමට එනවිට දැවැන්තයින් රැසකගෙන් කණ්ඩායම සමන්විතය . අර්ජුන , ගුරුසිංහ , හේමන්ත වික්‍රමරත්න ආදීන් සමග මහේලට වෙන්වූයේ ආරම්භක පිතිකරු තනතුරයි. එය ඔහුගේ මංගල පළමු පෙළ තරගයද විය. බ්ලූම්ෆීල්ඩ් පිළට එරෙහි ඒ තරගයේ අර්ධ ශතකයද ඉක්මවා මහේල මතක හිටින ඉනිමක් දියත් කලේය. නමුත් දිනය නිමවන්නට ඕවර කීපයකට පෙර රුවන් කල්පගේ හමුවේ වැරදි පහරක් ගැසූ මහේල දැවී යන්නේය.

යොවුන් විය එළි පැත්තේ සිටි මහේල ප්‍රථම තරගයේ තම තරම ගැන සතුටින් SSC පඩිපෙළ නැග ක්‍රීඩාගාරයට ඇතුළු වනවාත් සමග කණ්ඩායම් නායක අර්ජුන යක්ෂාරූඩ විය. අමු සිංහලෙන් මහේල ඇමතූ ඔහු විකට්ටුව විසිකිරීම වෙනුවෙන් අපූරු දඩුවමක් දුන්නේය. ක්‍රීඩාගාරය ඇතුලට මහේල කැදවා නොගත් අර්ජුන පඩිපෙළ මත ඔහු ඉන්දවීය.

එදා එලෙස දඩුවම් විදි මහේල ලොව දකුණත් පිතිකරුවෙකු ලද ඉහළම ටෙස්ට් ඉනිම එම SSC පිටියේදීම ලබන්නේය. ලෝක කුසලාන තරග ඉතිහාසයේ අවසන් පූර්ව සහ අවසන් මහා තරග දෙකකදීම ශතක ලද ප්‍රථම ක්‍රීඩකයා බවටද ඔහු ඉතිහාසගත වන්නේ.

එදා අර්ජුන මහේලට නොකියා කියා දුන් පාඩම මෙදා මහේල අසල්වැසියාට බෙදන අයුරු හරි අපූරුය.

© මංජුල ලන්දෙකුඹුර

ඇමරිකා එක්සත් ජනපදයේ ජනපතිවරනයේ මූලිම ජන්ද විමසීම ආරම්භ වී අති අතර මේ වනවිට මිලියන   105කට අදික ජන්ද දායකයින් පිරිසක ජන්දය ප්‍රකාශ කර අවසන් බව the Indianexpress පුවත් සේවය මීට සුලු මොහොතකට පෙර වාර්තා කළ අතර ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට කොරෝනා වෛරස පාලනය කිරීමෙදී දැක් වූ අසමත්කම මෙම මැතිවරණයට තදින්ම බලපානු ඇතැයි විදෙශ පුවත් සෙවා  වාර්තා කර ඇත.ප්‍රාන්ත 52 ක් පදනම් කරගත් ජන්ද විද්‍යාල 538කින් ජයග්‍රහනය සදහා එක් අපේක්ශකයෙක් ජන්ද විද්‍යාල 270 ක් ජයගත යුතුයි. එරට ජනතාව මැතිවරණය ප්‍රතිපල අර්ධ ගනනයකිරීම් මත පදනම්ව ප්‍රවෘත්ති සංවිධාන විසින් ඉදිරිපත් කරන මතයන් පිලි ගැනීමට උත්සුක වන බව නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කර ඇත.ඒ අනුව වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට වඩා ඩිමොක්‍රටික් අපේක්ෂක හිටපු   උප ජනාධිපති. වරයෙකු වන ජෝ බිඩෙන් ඉදිරියෙන් බව වාර්තා කර ඇත.

ඔස්ට්‍රියාවේ, වියානා අගනුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා එම ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදින් දෙදෙනකු ද ජිවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. 

ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් ඔස්ට්‍රියාව අගුළු දැමීමට පැය කිහිපයක් ඉතිරිව තිබියදී මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී තිබෙනවා.

වියානා අගනුවර පිහිටි යාච්ඤා මධ්‍යස්ථානයක් අසල පළමුව ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කොට ඇත. එහිදී ඔවුන් ස්වයංක්‍රිය තුවක්කු යොදා ගෙන ප්‍රහාර එල්ල කොට තිබෙන අතර එක් ත්‍රස්තවාදියෙකු මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරා ගෙන ඇති බවයි වියානා පොලිසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

මෙම පිරිස වියානා අගනුවර ස්ථාන 06කදී ප්‍රහාර එල්ල කොට තිබෙන බව සඳහන්.

මේ වන විට ප්‍රහාරයට පැමිණි සෙසු ත්‍රස්තවාදීන් සොයා වියානා පොලිසිය සහ විශේෂ බළකාය මෙහෙයුමක් දියත් කොට තිබෙන අතර ඊට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් පිරිසක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ලංකා ප‍්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය ඉන්දීය බොලිවුඞ් සිනමා අධ්‍යක්‍ෂවරයකු වන සොහෙල් කාන් විසින් ලබා ගන්නා ලදි. ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලිය මේ වසරේ නොවැම්බර් 21වන දින සිට දෙසැම්බර් 13වන දින දක්වා පල්ලෙකැලේ සහ හම්බන්තොට දී පැවැත්වීමට නියමිතය.

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි ක‍්‍රීඩක ක‍්‍රිස්ගේල් ඇතුලත් වන අතර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ප‍්‍රහාරක පිතිකරු කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස් සහ නුවන් ප‍්‍රදීප් ඇතුලත් වන අතර සුපිරි එංගලන්ත පන්දුයවන්නකු වන ලියම් ප්ලන්කට් ද කණ්ඩායමේ සෙසු ක‍්‍රීඩකයෝ වෙති. හෂාන් තිලකරත්න කැන්ඩි ටස්කර්ස් හි පුහුණුකරුවකු ලෙස කටයුතු කරනු ඇත.

‘‘ලංකා ප‍්‍රිමියර් ලීග් කුසලානය ජයගැනීමට වැඩි ඉඩ කඩක් ඇති කණ්ඩායමක් ලෙස කැන්ඩි ටස්කර්ස් හැඳින්විය හැකි අතර මෙහි හිමිකාරීත්වය ලබා ගැනීමට හැකි වීම පිළිබඳව මම සතුටට පත් වෙනවා. ශ‍්‍රී ලාංකිකයින් අතර ක‍්‍රිකට් උන්මාදයක් තරමටම පැතිර ඇති බැවින් මෙම තරගාවලිය නැරඹීමටත් තමන්ගේ ප‍්‍රියතම ක‍්‍රිකට් තරු දිරිගැන්වීමට විශාල වශයෙන් පැමිණෙනු ඇති බව මගේ විශ්වාසයයි. අපිට සමබර කණ්ඩායමක් සිටින බැවින් තරගාවලියේ වැඩි බලාපොරොත්තු තබා ගත හැකි බව මම විශ්වාස කරනවා’’ යනුවෙන් සොහෙල් කාන් මහතා වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳව අදහස් දක්වන ලංකා ප‍්‍රිමියර් ලීග් හී තරග සංවිධායක IPG හි ප‍්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් මහතා ‘‘ ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක් සංවිධානය කිරීම අපගේ අරමුණ වූ බැවින් ශක්තිමත් අනුග‍්‍රාහකයින් කණ්ඩායම් සඳහා අපට අවශ්‍ය වෙනවා. සොහෙල් කාන් මහතා බොලිවුඞ් සිනමාවට අමුත්තකු නොවන අතරම ක‍්‍රිකට් ලෝලියකු ලෙස ඔහුගේ භූමිකාවද ලොව පුරා ප‍්‍රචලිතයි. ’’ යනුවෙන් පැවසීය.

ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් හි උපසභාපති සහ ලංකා ප‍්‍රිමියර් ලීග් හි අධ්‍යක්‍ෂ රවීන් වික‍්‍රමරත්න මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් ‘‘ කැන්ඩි ටස්කර්ස් හි හිමිකාරීත්වය ලබා ගනිමින් සොහෙල් කාන් මහතා ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලිය හා සම්බන්ධ වීම අපට සතුට දනවන්නක්. ක‍්‍රිකට් සහ චිත‍්‍රපටි ලෝකය ඉන්දියා තුළ දැඩි සහසම්බන්ධතාවක් සහිත ප්‍රෙක්ෂකයින් ප‍්‍රමෝදයට පත් කරන කරුණු 2ක් ලෙස හැඳින්විය හැකි අතර සොහෙල් කාන් මහතාගේ සම්ප‍්‍රාප්තියත් සමග ශ‍්‍රී ලාංකීය පේ‍්‍රක්ෂකයින්ගේ සහ ඉන්දියානු පේ‍්‍රක්ෂකයින්ගේ දැඩි අවධානය මෙම තරගාවලියට යොමු වනු ඇතැයි මම අපේක්ෂා කරනවා’’ යනුවෙන් පැවසීය. 

ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison ගේ මෝටර් රථයට රතු තීන්ත ප්‍රහාරයක් !

 

අග්‍රාමාත්‍ය Scott Morrison බ්‍රිස්බේන් හි ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයට ගිය අවස්ථාවේදී සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින පිරිසක් විසින් ඔහුගේ මෝටර් රථයට රතු තීන්ත ප්‍රහාරයක් එල්ල කර ඇති බවට සඳහන් වේ.

එම අවස්ථාවේදී ක්වීන්ස්ලන්ත පොලීසිය විසින් ඔහුව එතැනින් පිටත් කර ඇත.

මෙම විරෝධතාවයට හේතු වී ඇත්තේ සරණාගතයින් 120 දෙනෙකු Kangaroo Point හි රඳවා තබා ගෙන සිටීමයි.

කොරෝනා තත්වය හේතුවෙන් අද සහ හෙට 10 සහ 11 දෙදින තුළ කතරගමදී පැවැත්වීමට නියමිතව තිබූ 46 වන ජාතික මහා ක්‍රීඩා තරඟයේ සියළුම තරඟ දින නියමයක් නොමැතිව කල් දැමීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබේ.

Page 2 of 9