Monday, 10 August 2020 05:11

කොරෝනාවට එරෙහිව ලොව පළමු එන්නත රුසියාවෙන් Featured

Written by
Rate this item
(0 votes)

2020-08-10 
කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත සෑදීමට සිය රට සමත්ව ඇති බව ශ්‍රී ලංකාවේ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ටුවිටර් පණිවිඩයක් තබමින් සදහන් කරයි.

සන්නස අප මීට පෙර වාර්තාකළ ඔක්ස්ෆර්ඩ් සරසවිය මගින් නිපදවූ එන්නත තවමත් රෝගී පුද්ගලයින්ට ලබාදීමට කටයුතු  නොකරන නමුත් රුසියාව නිෂ්පාදනය කරන මෙම එන්නත රෝගීන් සඳහා ලබාදීම අරඹා තිබේ.

රුසියානු නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ඔලෙග් ග්‍රිඩ්නෙව් ප්‍රකාශ කර සිටියේ මොස්කව් හි Gamelei මධ්‍යස්ථානයට නව කොරෝනා වෛරසයට එරෙහිව නිපදවූ ලොව පළමු එන්නත මෙම මස 12 වෙනිදා ලියාපදිංචි කිරිමට හැකියාව ඇති බවයි.

නිෂ්පාදනය කළ එම එන්නත රටේ සෞඛ්‍ය අංශ නිලධාරින් සහ වැඩිහිටියන් හට පළමුව ලබා දීමට අදහස් කර ඇති බවද නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මෙම එන්නතේ පළමු සායනික පරික්ෂාව ඉකුත් ජුනි මස 18 වෙනිදා මොස්කව් සෙකෙනොව් විශ්ව විද්‍යාලයේදී ආරම්භ කෙරුණා. ඒ සඳහා ස්වෙච්ජාවෙන් පුද්ගලයින් 38 දෙනෙකු එක්වූ අතර ඔවුන් සියලු දෙනාම වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණය වර්ධනය කළ බවයි රුසියානු බලධාරින් සඳහන් කරයි.

කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත නිපදවීමට රුසියාව සමත්වීම සම්බන්ධයෙන් ලොව බටහිර රටවල් පුදුමයට පත්ව ඇති බවත්, රුසියාව ගතවු 20 වසරක කාලයේදී වෛරස් සම්ප්‍රේෂණය වන ආකාරය සම්බන්ධයෙන් හඳුනා ගැනීමේ අධ්‍යනයක නිරතවීම නිසා මෙහිදී වඩා පහසුවක් ඇතිවූ බව ජේෂ්ඨ විද්‍යාඥයෙකු වන වඩීම් ටාරසෝව් එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

Read 2639 times Last modified on Wednesday, 12 August 2020 07:04