Wednesday, 22 March 2017 07:35

මැදදුම්බර, පුටුහපුව අම්බලම සංරක්ෂණයට පියවර

Written by
Rate this item
(0 votes)

මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුටුහපුව ග්‍රාමයේ පෞරාණික උරුමයක්ව පවතින පුටුහපුව අම්බලම සංරක්ෂණය කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ විශේෂ උපදෙස් පරිදි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාවට නංවා ඇති ජාතික උරුමයන් සංරක්ෂණයකොට රටේ අනාගත පරපුරට පවරා දීමේ විශේෂ වැඩපිළිවෙළ යටතේමෙම සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මකයි.
 
අතීතයේ මහනුවර සිට මහියංගනය දක්වා වූ මාර්ගයට අනුබද්ධව මෙම අම්බලම ඉදිකරන්නට ඇතැයි සැලකේ. කාලයාගේ ඇවෑමෙන් සහ විවිධ හේතූන් මත ගරා වැටෙමින් පැවති මෙම අම්බලමෙහි හානියට පත්ව තිබූ කොටස් ගලවා ඉවත් කර එහි පෞරාණිකත්වයට හානි නොවන පරිදි පුරා විද්‍යාත්මක සංරක්ෂණ ක්‍රමවේද යටතේ සියලු සංරක්ෂණ කටයුතු සිදුකර තිබේ.

Read 4122 times