Friday, 30 June 2017 05:09

ගැබ්ගෙල පිළිකා වැළැක්වීමේ එන්නත ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට එක්වෙයි- වැඩසටහන ජූලි 03 ඇරඹේ

Written by
Rate this item
(0 votes)

කාන්තාවන්ට ඇතිවන ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සදහා හියුමන් පැපිලෝමා වෛරස එන්නත ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට හදූන්වාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.


ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙම එන්නත ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට හඳුන්වාදීම ජුලි මස 03 වන දා සිදූ කිරිමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව මැදිවියේ කාන්තාවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සංකූලතාවයන්ට පත් වූ ගැබ්ගෙල පිළිකා තත්ත්වයට ගොදූරු වන බව රෝහල් සංඛ්‍යාලේඛන මගින් තහවුරු වෙයි.

ලෝකය පුරා ගැබ්ගෙල පිළිකා වැළැක්වීමෙි මුලික ක්‍රමවේදයන් දෙකක් ක්‍රියාත්මක කරයි. ගැබිගෙල පිළිකා මුලික අවස්ථාවේ හදූනා ගැනීමේ පරීක්ෂණය සහ ගැබ්ගෙල පිළිකා ඇතිවීමට හේතුකාරක වන හියුමන් පැපිලෝමා වෛරස ආසාදන වළක්වන එච්.පී.වී එන්නත හදූන්වාදීම එම ක්‍රමවේදයන් දෙකයි. මෙයින් ගැබ්ගෙල පිළිකා වැළැක්වීමේ ක්‍රමවෙිදයක් වන පැප් පරීක්ෂණය 1996 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ සුවනාරි සායන මගින් අවුරුදූ 35 ඉක්ම වූ කාන්තාවන් සදහා සිදූ කර ගැනීමට පහසුකම් සපයා ඇත.

ගැබ්ගෙල පිළිකා වැළැක්වීමේ එන්නත වන එච්.පී.වී එන්නත 2017 ජුලි මස සිට ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන තුළින් ලබාදීමට නියමිතය. මෙය හදූන්වා දෙනු ලබන්නේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදූ 10 සම්පුර්ණ වූ ගැහැණු දරුවන් සදහා පාසල් එන්නත්කරණ වැඩසටහනක් ලෙසයි. මෙම එන්නත ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට හදූන්වාදීම තුළින් අනාගතයේ දී ගැබ්ගෙල පිළිකාව මෙරටින් තුරන් කිරිම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේක්ෂාව බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

Read 4803 times