වැඩ බලන ජනාධිපති රනිල් - නව අගමැතිවරයකු ගැන පක්ෂනායකයෝ එකඟ වෙති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂමහතා ඉල්ලා අස් වූ බවකථානායක මහින්ද යාපාඅබේවර්ධන මහතා අද නිලවශයෙන් ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහමහතා වැඩ බලනජනාධිපතිවරයා ලෙස කටයුතුකිරීමට නියමිත බවද ඔහු කියාසිටියේය.  ජනාධිපති ගෝඨාභයරාජපක්ෂ මහතාගේජනාධිපතිධුරයේ ඉතිරි කාලයසඳහා නව ජනාධිපතිවරයාතෝරා පත් කර ගැනීම ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදුකෙරේ.

කථානායකවරයා 16 වැනිදාටපාර්ලිමේන්තුව කැඳවූ අතර ඊටසහභාගි වන ලෙස සියලුමන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර නවඅග්‍රාමාත්‍යවරයෙකු තෝරාගැනීම සඳහා පක්ෂ නායකරැස්වීමක් ද මේ වනවිටපැවැත්වෙනවා.

සජිත් ප්‍රේමදාස මහතා නවඅග්‍රාමාත්‍යවරයා ලෙස SJB විසින් නම් කළ බව තතු දත්ආරංචි මාර්ග සඳහන් කරයි.

ආරක්‍ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය

අද (14) මධ්‍යහ්න 12 සිට හෙට අළුයම 5.00 දක්වා කොළඹ දිස්ත්‍රික්කයට ඇදිරි නිතිය පැනවෙයි

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීම භාරදී ඇති බව NDTV පුවත් සේවය වාර්තා කරයි

ඉන්දීය පොහොර බෙදා හැරීම අද ඇරඹේ