20 වෙනි ආන්ඩුක්රම ව්‍යවස්තාව අද (29)සිට ක්‍රියාත්මකයි
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය හිමිවෙයි.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ අත්සන් තැබීය.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (29) පෙරවරු 11.30 ට කථානායකවරයා සිය සහතිකය සටහන් කිරීම සිදු කළ බව මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්‍ය මණ්ඩල ප්‍රධානි නීල් ඉද්දවල මහතා ද සහභාගි විය.
ඒ අනුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (29) සිට බලාත්මක වනු ඇත.
කොළඹ නගරයේ කරන ලද අහඹු පරීක්ෂණවලින් කොරෝනා රෝගීන් 937ක් හදුනා ගනී
දෙවන කොවිඩ් රැල්ලේ සුලමුල හෙලිවෙයි
මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. මේ සම්බන්ධව බුද්ධි වාර්තාව රාජ්‍ය ඔත්තු සේවා මගින් ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආරක්ෂක මණ්ඩලයට ලබා දී තිබේ.
මෙම යුක්ක්‍රේන් කාර්ය මණ්ඩලය මෙරටට පැමිණ ඇත්තේ සැප්තැම්බර් 11 වැනිදාය. එම පිරිසේ එකොළොස්දෙනකු සිට ඇති අතර ඔවුන් සීදුවේ පිහිටි තරු හෝටලයක ස්වයං නිරෝධායනයට ලක් වී ඇත. ගුවන් යානාවල එන කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනය වෙද්දී හෝටල් කාර්ය මණ්ඩලයද නිරෝධානය විය යුතුය.
ගුවන් කාර්ය මණ්ඩලයේ නිරෝධානය වූ යුක්ක්‍රේන් ජාතිකයකු සැප්තැම්බර් 13 වැනිදා කොවිඩ් ආසාදිතයකු ලෙස වාර්තා වී අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.
මේ සමග රෝහල් කාර්ය මණ්ඩලය හා සෙසු ගුවන් කාර්ය මණ්ඩලයට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇත.
හෝටල් කාර්ය මණ්ඩලයේ හැට දෙනාගෙන් දහඅට දෙනකු දිනපතා නිවෙස්වලට ගොස් සේවයට පැමිණි අය වෙති. එම 18 දෙනා සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා නිවෙස්වල සිට සේවයට වාර්තා කර ඇත. හෝටල් කාර්ය මණ්ඩලයද දින දාහතරක් නිරෝධායනය කළ යුතු වුවත් හෝටල් පරිපාලනය කොවිඩ් නීති නොතකා සේවකයන් පිරිසකට නිවෙස්වලට යෑමට ඉඩ සලසා ඇත.
නිවෙස්වලට දිනපතා ගිය පිරිසෙන් පස්දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති අතර ඉන් තිදෙනක් සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා සේවය කළ අය වෙති. හෝටලයේ කෝකියා හා ලොන්ඩරි භාර නිලධාරියාද එම පිරිසට අයත්ය.
‘‘මෙම පිරිස පරීක්ෂා කිරීමේ දී මෙතෙක් මෙරටින් වාර්තා වූ කොවිඩ් වයිරසයේ ධාරිතාවට වඩා වැඩි ධාරිතාවක් එම වයිරසයේ තිබෙන බව තහවුරු වුණා. කලින් මෙම වයිරසය ශරීරගතව තිබූ සියයට 15ත් 18ත් අතර ප්‍රමාණයක්. නමුත් මේ අයගේ සියයට 29ත් 31ත් අතර ප්‍රමාණයක් වුණා. මේක අලුත් තත්ත්වයක්. බ්‍රැන්ඩික්ස් එකෙන් හමුවූ පළමු රෝගීන්ගෙන් වයිරසය ලෝඩ් එක 29ත් 31ත් අතර තිබුණා. එමෙන්ම පෙර කී හෝටලයේ සේවකයන් බ්‍රැන්ඩික්ස් සේවකයන් සමග සම්බන්ධ වීමෙන් මෙම වයිරසය ආසාදනය වූ බවට විමර්ශනවලින් තහවුරු වුණා.’’ යැයි මේ සම්බන්ධව විමර්ශන පැවැත්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු තහවුරු කළහ.
එමෙන්ම යුක්ක්‍රේන් කාර්යමණ්ඩලයෙන් වයිරසය ආසාදනය වූ හෝටල් සේවකයකු හලාවත සිට දිනපතා පොදු ප්‍රවාහන සේවා ඔස්සේ සීදුවට පැමිණ ඇතැයිද හෙළි වී තිබේ.
බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු රෝගියාට සැප්තැම්බර් 21 වැනි දා රෝග ලක්ෂණ පහළ වී ඇත. එම කාන්තාවට සැප්තැම්බර් 16 වැනිදා වන විටවත් රෝගය ආසාදනය වී තිබෙන්නට ඇතැයි සැක කෙරේ. ඔක්තෝබර් 05 වැනිදා බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු ආසාදිතයා වාර්තා විය.
දෙවැනි රැල්ලක් නිර්මාණය වූ මෙම කොවිඩ් වයිරසය පැතිරයන ප්‍රමාණය කලින් වතාවට වඩා දෙතුන් සැරයක් බව අනාවරණය වී තිබේ.
දෙවැනි රැල්ල ආරම්භ වූ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ බව ඉන්දියාවේ විශාඛාපට්නම් සිට මත්තල ගුවන් තොටුපොළ පසුගිය සැප්තැම්බර් 22 වැනිදා පැමිණි මගින් 48ක කාර්ය මණ්ඩලයකින් බව මුලදී සඳහන් විය. එහෙත් මෙම පිරිස විශාඛාපට්නම්හි බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් වූ අතර ඔවුන් දෙවැනි රැල්ල ව්‍යාප්ත වන විටත් දකුණේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි බව පසුව තහවුරු විය.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා

දෙදින නිල සංචාරයක් සදහා ඇමරිකානු රාජ්‍ය ලේකම් හෙට දිවයිනට
දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා හෙට (27) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ඔහු ලබන 28 වනදා දක්වා මෙරට රැඳී සිටින අතර සිය සංචාරය අතරතුර දී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දෙරට අතර පවතින බහුආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් අදාළව එහිදී අවධානය යොමු කිරීමට නියමිත බවය.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ධූරකාලය තුළ මෙරටට පැමිණෙන අමෙරිකානු ඉහළම මට්ටමේ රාජ්‍ය නිලධාරියා වන්නේ පොම්පෙයෝ මහතාය.
මේ අතර රට තුළ පවතින කොවිඩ් - 19 වෛරසය හමුවේ විදෙස් නියෝජිතයින්ගේ පැමිණීම සම්බන්ධයෙන් අද (26) උදෑසන මෙරට ප්‍රධාන නාලිකාවක් සමග එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසා සිටියේ මෙවන් අදහසකි.
“මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගනිමින් පවතිනවා. එකම දේ ලංකාවට එන හැම විදේශිකයෙක්ම තමුන්ගේ ඔර්ජින් එකේ දී පටන් ගන්න තැනදී පීසීආර් පරීක්ෂණයකට ලක්වෙනවා. ඒ වගේම ලංකාවට ආවට පස්සේ, ගුවන් තොටුපොළේ දී පීසීආර් පරීක්ෂණයකට ලක්වෙනවා. නමුත් රාජ්‍ය තාන්ත්‍රිකයින්ට බලපාන්නේ, ඒ රාජ්‍ය තාන්ත්‍රිකයින් සම්බන්ධ අන්තර්ජාතික නීතියේ තියෙන ප්‍රතිපාදන. එහෙම නැතිනම් වියානා සම්මුතීන්. ලෝකයේ ඉන්න සෑම රාජ්‍ය තාන්ත්‍රිකයෙක්ම නිරෝධායන කඳවුරුවලට ගිහිල්ලා නිරෝධායනය වෙන්නේ නෑ. අපේ රට නියෝජනය කරලා පිටරටකට යන රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට ත් ඒ ආකාරයට තමයි. ඒක ලෝකයේ තියෙන සම්මත ක්‍රමවේදයක්. ඒ සම්මත ක්‍රමය අනුගමනය කරනවා.“