ඉදිරි පැය 48 තීරණාත්මක බවත් ඉදිරියේදී ලැබිමට නියමිත PCR පරීක්ෂණ අනුව ඉදිරි තීන්දු තීරණ ගැනීමට නියමිත බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටිනවා.

මෙම මස 11 වෙනිදා 05 වසර ශිෂ්‍යත්ව විභාගයත් එමෙන්ම 12 වෙනිදා අධ්‍යාපන පොදු සහතික පත්‍ර ( උසස් පෙළ) විභාගය සම්බන්ධයෙන් ද හෙට දිනයේදී තීරණය කිරිමට නියමිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ වන විට ලැබී ඇති PCR පරීක්ෂණ ප්‍රථිපල අනුව පුද්ගලයින් 321ක් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් ඉදිරි පර්යේෂණ වාර්තා අද සහ හෙට දිනයේදී ලැබීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

දිවුලපිටියේ කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ Brandix ආයතනයේ සේවය කළ සේවකයින් 04කට කොවිඩ් 19 ආසාදනය වී තිබෙන බව තහවුරු වෙයි.

බෞද්ධ දහම් පාසල්වලට නිවාඩු ලබාදෙයි

පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වැනි ඉරිදා

නිවාඩු ලබාදීමෙන් පසු නිවෙස් වෙත ගොස් ඇති කැලණිය විශ්වවිද්යාලය, යක්කල වික්රමාරච්චි ආයුර්වේද විද්යායතනය සහ නයිවල උසස් අධ්යාපන ආයතනයේ සිසු සිසුවියන් ට නිවෙස් වලට ම වී සිටින ලෙස විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසම ඉල්ලීමක් කරයි.
එම ආයතන අද(05) සිට සතියකට වසා දැමීමට විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසම තීරණය කළේය.
එසේම නේවාසිකාගාරවල සිටි සිසුන්ට ද හැකි ඉක්මනින් ඉන් ඉවත්ව යන ලෙසට දැනුම් දුනි.
දිවුලපිටිය ප්රදේශයේ කාන්තාවක් සහ ඇයගේ දියණිය කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වීමෙන් අනතුරුව එම ආයතන තාවකාලිකව වසාදැමීමට බලධාරීන් විසින් ඊයේ(04) තීරණය කළේය