2020.06.18 Lankadeepa

රට පුරා පොලිස් ඇ`දිරි නීතිය පැනවීය. ජනී ජනයාට එදිනෙදා බඩු භාණ්ඩ මිල දී ගැනීමට නිසි පිලිවෙලක් නොතිබුණි. උවමනා දේ මිල දී ගත්තේ ජංගම ව්‍යාපාරිකයන්ගෙනි. වාහන ශබ්ධයක් ඇසෙන තෙක් මහ පාර දෙස බලාගෙන සිටියහ.

මාලබේ සිට රාජගිරිය දක්වා කුලුනු මත ඉදිවන දුම්රිය ව්‍යාපෘතිය නතර කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක , ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (18වැනිදා) ප්‍රකාශ කළේය.ජපානයේ ආධාර මත මෙම ව්‍යාපෘතිය කිරීමට සැලසුම් කර තිබූ බව කී ඇමැතිවරයා මෙය පිරිවැය අධික, ඵලදායී නොවන

මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන ඇතුළත් ගැසට් පත්‍රය හෙට (22) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ජූලි මස 02 දින සිට මහවැලි L කලාපයේ ගම්මාන අතර බස්රථ සේවයක් ආරම්භ කිරිමට මගී ප්‍රවාහන සේවා කළමනාකරණ අමාතය මහින්ද අමරවීර මහතා විසින් ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.

ලංගම හා පුද්ගලික බස් රථ සම්බන්ධව මගීන්ට ජංගම දුරකථන යෙදවුමක් Passenger App හඳුන්වා දීම ලබන සතියේ සිදු කරන බව මගි ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කරයි