ඉන්දියාවේ බැංගලෝර්හි සිට පැමිණි සිසුන් සියලු දෙනා නිරෝධායනයට
ඉන්දියාවේ බැංගලෝර් හි සිට ශ්‍රී ලංකන් ගුවන් යානයක් මඟින් ශ්‍රී ලංකික සිසුන් 164 දෙනකු අද දින මෙරටට රැගෙන ආ බව COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (28) කියා සිටියේය.
COVID -19 වෙනුවෙන් ජාතික වෙබ් අඩවියක්
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ICTA රජයේ ප්‍රධාන ආයතන සමඟ එක්ව -19 අදාළ තොරතුරු මහ ජනතාවට ලබාදීම සඳහා ජාතික වෙබ් අඩවියක් www.covid19.gov.lk. නමින් දියත් කරන ලදී.
2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි
ඇඳිරි නීතිය ලිහිල් කළ වහාම වඩාත් සෞඛ්‍යමත් පරිසරයක් තුළ ආරක්ෂාකාරී ලෙස සේවාවන් විධිමත්ව පවත්වාගෙන යාමට උපදෙස්
ඇඳිරි නීතිය ලිහිල් කළ වහාම වඩාත් සෞඛ්‍යමත් පරිසරයක් තුළ ආරක්ෂාකාරී ලෙස සේවාවන් විධිමත්ව පවත්වාගෙන යාමට මුලික පියවර ගන්නැයි විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ප්‍රවාහන අංශයේ සභාපති වෛද්‍ය ශවින්ද්‍ර ගමගේ මහතාට උපදෙස් දී ඇත.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිසි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි- බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් යළි අවධාරණය කරයි
කොවිඩ් -19 ව්‍යාප්තිය අවම කර ගැනීමට ජනතාව වෙනුවෙන් සේවය කිරීමේදීත් රෝගීන් හදුනාගැනීම හා ප්‍රතිකාර කිරීමේදීත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිසි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යළි අවධාරණය කරයි.