ලෝක ග්ලෝකෝමා දිනය නිමිති කරගෙන සෞඛ්‍ය අමාත්‍යංශය, විෂන් 2020 වැඩසටහන සහ කොළඹ ජාතික අක්ෂි රෝහල සමඟ එක්ව මෙවරත් ග්ලෝකෝමා සතියක් ප්‍රකාශයට පත් කර ඇත.

ලෝක කාන්තා දිනයට සමගාමිව අද සිට (08) කාර්යාල දුම්රිය හතකට (07) කාන්තාවන් සදහා වෙන් වූ කාන්තා දුම්රිය මැදිරි යොදවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.

කාන්තාව හා පිරිමින් යන දෙපාර්ශවයටම එනම් සෑම මනුෂ්‍යයෙකුට ම තම ජිවිතයේ දී තත්ත්ව ගණනාවක් හිමිවේ.පිරිමියා පුතකුගේ තත්ත්වය ලබන විට කාන්තාව දියණියගේ තත්ත්වය ලබයි. පිරිමියා ශිෂ්‍යයෙකු වන විට කාන්තාව ශිෂ්‍යාව වන්නී ය. පියා - මව, ගුරුවරයා - ගුරුවරිය, නායකයා - නායිකාව වෛද්‍යවරයා - වෛද්‍යවරිය ආදී වශයෙන් ද බෙදෙන්නේ මෙම තත්ත්වයන් ය.

ජනතාවට ඉහළ ගුණාත්මක බවින් යුත් පොල් ආශ්‍රිත නිෂ්පාදන ලබා ගැනීමට අවස්ථාව සළසා දෙමින් අද (07) දින උදෑසන 9.00 ට නාරාහේන්පිට, නාවල පාර, අංක 54 යන ස්ථානයේ “කප්රුක ඉසුරු සැල” විවෘත කෙරේ.

දිවයින පුරා පිහිටි තෝරාගත් සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති පරිශ්‍ර ආශ්‍රිතව නවීන පන්නයේ අංගෝපාංග වලින් යුතු සුව බොජුන්හල් ආරම්භ කිරීමට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය මඟින් පියවර ගෙන තිබේ.