ග්‍රී ලංකාවට පැමිණෙන තායිලන්තය, යුරෝපා සංගමයේ රටවල් ඇතුළු රටවල් 10ක සංචාරකයින්ට 2019 අප්‍රේල් 1 දා සිට 6 මාසයක කාලයක් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව නිදහස් වීසා ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත.

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සහ හෙට (26 සහ 27) විශේෂයෙන් දකුණු සහ සබරගමුව පළාත්වල බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් දේශීය කර්මාන්තවල ඵලදායිතාවය ඉහල නැංවීම, බලශක්ති කාර්යක්ෂමතාව හා ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම සඳහා විශේෂ අනුග්‍රහයක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

පොල් වගා කරුවන්ගේ තාක්ෂණික දැනුම ,වතු පාලනය, කම්කරු නීති හා අගය එකතු කළ පොල් නිෂ්පාදන පිළිබද සහතික පත්‍ර පාඨමාලාවක් අප්‍රේල් මස සිට සෑම මසකම එක් දිනය බැගින් පැවැත්වීමට ලුනුවිල පොල් පර්යේෂණායතනය සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාවේ මේවන විට ආඝාත රෝගීන් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවා ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයන් දහසකගෙන් නව දෙනෙක් මෙම රෝගයට මුහුණ පා සිටින බව වෛද්‍යවරු පවසති.