අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ  - 2017 විභාගය සමත් එහෙත් සරසවි වරම් අහිමි සිසුන්ට පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීමට පොලී රහිත ණය ලබාදෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සඳහන් කරයි.

අත්‍යාවශ්‍යය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අද (13) බදාදා පෙරවරු 8.00 සිට පසුදා පෙරවරු 5.00 දක්වා පැය 21ක කාලයක් මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවල ජලය අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

මහරගම අපේක්ෂා රෝහලේ දායක ඇටමිදුලු බද්ධය ආරම්භ කිරීම පිළිබදව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි.

2016 හා 2017 අ.පො.ස.(උ.පෙ) ප්‍රතිඵල මත 2018 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීමට අදාළව මාර්ගගත ක්‍රමවේදය (Online System) ඔස්සේ අයදුම් කිරිම ද 2019.01.25 දින ගැසට් නිවේදනය තුළ අනිවාර්ය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අල්ලස් හා දූෂණ වැළැක්වීම සදහාවන ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2019-2023 කාල පරිච්ඡේදය තුළ ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇත.