විවෘත වෙළෙඳ පොලේ පොහොර මිටියක් රු. 1500ට වඩා මිලකට අලෙවි කළහොත් ඔවුන් එරෙහිව දැඩි පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.

නොබෙදුණු, නොබිදිය හැකි රටක් අවශ්‍ය බවත් ආණ්ඩු වෙනස් කරනවාට වඩා රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය යුතු බවත් විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

නිදහස් සෞඛ්‍ය සේවයේ ගුණාත්මක ප්‍රතිලාභ ජනතාව වෙත ළඟා කිරීමේ අරමුණ ඇතිව රුපියල් මිලියන 800 ක වියදමින් කළුතර මහ රෝහලේ ඉදිකරන ලද හදිසි අනතුරු ඒකකය සහ හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරු 3.00 ට එම රෝහල් භූමියේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු පළමු වරට කෘසිකර්ම අමාත්‍යංශය විසින් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාව කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම ඉළක්ක කරගනිමින් ලබන සතියේ ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

නාරා ආයතනය මඟින් සංවිධානය කරනු ලබන විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳ පුහුණු වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කෙරේ. පුහුණු වැඩසටහන දින 10ක් පුරා පැවැත්වෙයි. මැයි 11 දින පුහුණු වැඩසටහන ආරම්භ වන අතර එය ජාතික ජල සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ දී  ඇරඹේ.