ලෝක තැලසිමියා දිනය (මැයි 08)  අදට යෙදි ඇත‍. තැලසිමියා රෝගය තුරන් කිරිම සඳහා වැඩසටහන් රැසක් ඉදිරියේ දි ක්‍රියාත්මක කිරිමට යෝජනා වි ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා සඳහන් කරයි.

දිවයිනේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අද (04) සිට බලපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රාජ්‍ය නර්තන සම්මන උළෙල අද (4) ප.ව.2.00ට නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සම්මන උළෙල සංවිධානය කරයි.

නීතීය නොතකා සිදුකෙරෙන තහනම් පොලිතීන් නිෂ්පාදනකරුවන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇති අතර, තහනම් පොලිතීන් නිෂ්පාදන වැටලීම් අඛණ්ඩව සිදු කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

මැයි මස 04 වන දින සිට දිවයිනේ වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂ කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.