2018 අප්‍රේල් මාසය වන විට ඩෙංගු රෝගීන් 17028 ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.

නව කැලණි පාලමේ සිදු කරනු ලබන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (03) සිට 05දා දක්වා දිවා කාලයේ සහ රාත්‍රි කාලයේ වරින්වර රථවාහන ගමනාගමනය සීමා කිරීම සිදු කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ශ්‍රි බුද්ධ වර්ෂ 2562 ක් වූ 2018 වර්ෂයේ අප්‍රේල් මස 29 හා 30 යන දෙදින මෙවර වෙසක් දින වශයෙන් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, වෙසක් උත්සවය වෙනුවෙන් අප්‍රේල් මස 26 දින සිට මැයි මස 02 වන දින දක්වා කාලය වෙසක් සතිය වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

වෙසක් සමයේ මහජන ආරක්‍ෂාව සඳහා පොලීසිය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ශ්‍රී සම්බුදු තෙමඟුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් පුණ්‍ය මහෝත්සවය 2018 අප්‍රේල් 26 වන දා සිට මැයි 02 වන දා දක්වා "වෙසක් සතිය" ලෙස රජය ප්‍රකාශයට පත්කර අතර එම වෙසක් සතිය අද (26) සිට ආරම්භ වෙයි.