කළුතර, මතුගම නගරයේ සිට ආරම්භ වන පෞද්ගලික බස් රථ කිසිදු පෙර දැනුම්දීමකින් තොරව බස් රථ වර්ජනයක අද (19) උදෑසන සිට   යෙදී  සිටින බව රජයේ නිලපුවත් වෙබ් අඩවියට වාර්තා වෙයි.
 

සේවක අර්ථසාධක අරමුදලට දායක වී ඇති අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික හැදුනුම්පත් අංකය අරමුදලේ සාමාජික අංකය ලෙස යොදා ගැනීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි.

දියවැඩියා රෝගීන් භාවිත කරන උපකරණ විවිධ මිළ ගණන් යටතේ අලෙවි කරන බැවින්, එම උපකරණවල මිළ නියාමනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ගාල්ල, වක්වැල්ල ජලය බෙදා හැරීමේ පොම්පාගාරයේ ඇති වූ හදිසි ගින්නෙන්පසු නතර වී තිබූ ගාල්ල නාගර සීමාවේ ජලය බෙදා හැරීමේ කටයුතු අද (16) මධ්‍යහ්න 12.00 පමණ වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වේ යැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී. කොඩිකාර මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

කසල බැහැර කිරීම ක්‍රමවත්ව සිදු නොකරන්නන් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තා මහතා පැවසීය.