පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ කරන ලද හදිසි වැටලීමකින් තවදුරටත් තහනම් පොලිතීන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් නීතියේ රැහැනට හසුකර ගැනීමට මධ්‍යම පරිසර අධීකාරිය හා පරිසර පොලිස් ඒකකය සමත් වූහ.

රජය විසින් රට තුළ අභ්‍යන්තර ගුවන් සේවා ප්‍රචලිත කිරීම හා නැගෙනහිර පළාතේ දේශිය හා විදේශීය සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමේ අරමුණ ඇතුව මඩකළපුව අභ්‍යන්තර ගුවන් තොටුපළ සිවිල් ගුවන් සේවා අධිකාරියට පැවරීමෙන් අනතුරුව, ගුවන් යානා මෙහෙයුම් හා සේවා කටයුතු ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් මාර්තු 25 වෙනි ඉරුදින ආරම්භ කිරීමට නියමිතය.

දේශීයව නිපදවන පළතුරු අස්වැන්න එම වාරය තුළදී එකවර ලැබීමේදී, වෙළඳපල දක්වා  පැමිණීමේදී සහ වෙළඳපල තුළදී අපතේ යන ප්‍රමාණය අවම කිරීම සඳහා පළතුරු එම ශාක තුළම කල්තබා ගැනීමේ විශේෂිත BIO WAX නම් විද්‍යාත්මක ක්‍රමවේදයක් නිර්මාණය කිරිමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය යටතේ පවතින කාර්මික තාක්ෂණ ආයතනය(ITI) සමත්ව ඇත.

ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ළමා ආරක්ෂාව තහවුරු කිරිම සඳහා ප්‍රවෘත්ති වාර්තාකරණය කළ යුතු අන්දම පිළිබඳව විශේෂ ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් මේ වන විට සකසා ඇති බව ජාතික ළම ආරක්ෂක අධිකාරිය පවසයි.

මාර්තු 24දාට යෙදෙන ලෝක ක්ෂය රෝගය දිනය වෙනුවෙන් පැවැත්වෙන වෛද්‍යවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන 23දා කොළඹ ජාතික රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ස්වශන රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය කුලතුංග මහතා පැවසීය.