2018 - “ෆියුචර් මයින්ඩ්ස්, උසස් අධ්‍යාපනික සහ වෘත්තීය ප්‍රදර්ශනය නිල වශයෙන් එළිදැක්වීම, මාර්තු (19) සවස 6.30ට කොළඹ ශැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

මහනුවර සහ අම්පාරේ ඇති වූ සිදුවීම්වලින් පසුව ෆේස්බුක් සමාජ ජාලය තාවකාලිකව තහනම් කිරීම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බවත් සමාජ යහපත වෙනුවෙන් වන ප‍්‍රවාහයකට ඉඩ දුන්න ද සමාජය විනාශ කරන යම් දෙයක්වේ නම් එය පාලනය කිරීමට යම් ක‍්‍රමවේදයක් අවශ්‍ය බවත් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

ශ්‍රී ලංකාවට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය, දැනට කොළඹ සිට කි.මී.550 ක් දුරින් ස්ථානගතව පවතින බවත් එය දිවයිනෙන් ඉවතට එනම් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ශ්‍රි ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත් වී පැමිණි චෙන්ග් ක්ෂූවාන් මහතා ( Chang Xueyuan) විදේශ අමාත්‍ය  තිලක් මාරපන මහතා හමු විය

මහනුවර පොලිස් කොට්ඨාසය තුළ පසුගිය දින කිහිපය තුළදී සිදු වූ සාපරාධී ක්‍රියාවලින් හානියට පත් වූ දේපළ පිළිබඳ ව මෙතෙක් පොලිස් ස්ථානවලට පැමිණිලි කර නොමැති පුද්ගලයින් සිටී නම් නොපමාව හානියට පත් වූ දේපළ පිළිබඳ ව පොලිස් ස්ථානවෙත පැමිණිලි ඉදිරිපත් කරන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.