විදේශ රැකියා අමාත්‍යාංශය හා IM ජපන් ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව ශ‍්‍රී ලාංකික කාන්තා ශ‍්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබේ. ඒ අනුව ජපන් භාෂා ප‍්‍රවීනතාව N4 මට්ටම සමත් හෝ හදාරා ඇති වයස අවුරුදු 18-30ත් අතර ලාංකික තරුණියන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.
 

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වැනි ශ්‍රේණියේ රේගු පරීක්ෂක තනතුරුවලට බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය - 2017 (2018) ලබන 13 වන දා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා සඳහන් කරයි.

පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාගැනීමට දී තිබූ වවුචර්වල වලංගු කාලය ජනවාරී 30 දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යවරවරයා උපදෙස් ලබා දී  තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. කිසියම් හේතුවක් මත වවුචරපත්වලින් නිල ඇඳුම් මිලදී ගැනීමට මෙතෙක් නොහැකි වූ සිසුන්ට සිදුවන අපහසුතාව සලකා බලා මෙම තීරණය ගෙන තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ නව නම  www.elections.gov.lk බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. වර්ෂ ගණනාවක් සිට පවත්වාගෙන යන ගිය මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ නම වර්ෂ 2015 දී සුළු වෙනස් කිරීමක් සිදු කර තිබේ.

දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසඳුම් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම අද (08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරේ.