ගාල්ල ගිංතොට සිද්ධියට අදාළව මෙන්ම වෙනත් සිද්ධීන්වලට අදාළව මහජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති කරවීමේ අදහසින් සිදු කරනු ලබන නොයෙක් අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට දැඩිවම නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් පවතින බව පොලීසිය සඳහන් කරයි.

ඉන්ධන හිඟය සම්බන්ධයෙන් පැතිරෙන කටකතා සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත් අවශ්‍ය තරම් තෙල් තොග ඛනිජ තෙල්  සංස්ථාව සතු බවත් ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පවසයි.
 

දැනට පවත්නා අධිකරණ ක්‍රමවේදය යටතේ එක් නඩුවක් විභාග කර අවසන් කිරීමට යන සාමාන්‍ය කාලය වසර 10ක් පමණ වන බැවින් ද, අභියාචනා දෙකක් සඳහා තවත් වසර 07 ක් පමණ ගතවන බැවින් ද, මෙවැනි පරීක්‍ෂණ හා නඩු විභාග කිරීම සඳහා යන කාලය අවම කරලීම යුගයේ අවශ්‍යතාවක් බව අවධාරණය කරන කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒ සඳහා පහත දැක්වෙන කඩිනම් පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය යෝජනා කර තිබේ.

දිවයිනේ බොහෝ පළාත්වල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

2017 නොවැම්බර් 6 වන දින චීන තානාපති ඉ ෂියැන්ලියං මහතාගේ බිරිඳ වන උ ෂියාඔලින් මහත්මිය විසින්